‘බහුබූත ව්‍යවස්ථාව’ ගැන ඇන්.ඇම්. ලෙඩ ඇඳේ සිටම කිව්වා
’’මීට වසර 42කට පෙර ඇන්. ඇම්. පෙරේරා සහෝදරයා ලෙඩ ඇඳේ සිට ජේ. ආර්ගේ බහුබූත ව්‍යවස්ථාව ගැන කියූ, ලියූ සෑමදෙයක්ම අද වනවිට සැබෑ වී තිබෙනවා’’ යැයි ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම්, හිටපු අමාත්‍ය ඩී. වී. ගුණසේකර මහතා අද(03) පැවසීය.