එජාපයෙන් ඉවත් කළ 38 දෙනා ගැන 10 දා තෙක් පියවර නොගන්න
ඉකුත් ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජනබලවේගයට සහාය දීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කළ එම පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් 38 දෙනෙකු සම්බන්ධයෙන් ලබන 10 වැනිදා තෙක් කිසිදු ඉදිරි පියවරක් නොගෙන , පවතින තත්වයෙන්ම පවත්වා ගෙන යන්නැයි අභියාචනාධිකරණය අද (02) දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරීන්ට දැනුම් දුන්නේය.