(ඩයනා උදයංගනි)
මහනුවර, දිගන ප්‍රදේශයේ පොළොවේ සෙලවීමක් අද (2) උදෑසන ද සිදුවී ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය පවසයි.
මෙම සෙලවීම අද (02) පෙරවරු 07.06 ට පමණ වාර්තා වී ඇතැයි එම කාර්යාංශයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ උදය ද සිල්වා මහතා ලංකාදීපයට පැවසීය.
මහනුවර, පල්ලෙකැලේ ස්ථාපිත භූ කම්පන මාපකයේ මෙම භූ කම්පනය පැහැදිලිව සටහන්ව ඇති අතර මහකනදරාඔය හා හක්මන භූ කම්පන මාපකයන්හි ද එය ඉතා සුළුවෙන් සටහන් වී ඇතැයි උදය ද සිල්වා මහතා කීවේය.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ඉකුත් 29 වැනිදා සිදුවූ භූ චලනය සම්බන්ධයන් සෙවීමට එහි ගොස් සිටින නිරීක්ෂණ කණ්ඩායම් අද දිනයේ චලනය සිදුවූ ප්‍රදේශයට ද යොමු කළ බව ඔහු සඳහන් කළේය.
දිගනට ආසන්න අඹකොටේ හා අලුත්වත්ත ප්‍රදේශවලින් අද සිදුවීම වාර්තාවී ඇතැයි ද අධ්‍යක්ෂවරයා පැවසීය.
කෙසේවෙතත් එය භූ චලනයක් ද නැතහොත් වෙනත් හේතුවක් මත සිදුවූවක් ද යන්න පිළිබඳ මෙතෙක් තහවුරු වී නොමැති අතර ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති බව උදය ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහරාජෙ කපනවා නම් ඔය වගේ මහා අද්භූත දේවල් වෙනවා කියලා ඉස්සර මුතුන්මිත්තෝ කියලා තියෙනවා.
තවත් වනවිනාශ ස්වාභාවික සබඳතා කරන්න එපා..
හොරු රැළ දිවුරුම් දෙනකොටම අපි නම් හිතාගත්තා. තවතව දේවල් මේ අවුරුදු 5ට අහන්න ලැබෙයි. ඒ අතරේ පතල් හා භූවිද්‍යා අමාත්‍යාංශය නිදි.
මම මේ ප්‍රවෘත්තිය දින3 කට ඉහතදීත් දුටුවා. ප්‍රවේශම් වන්න...!!! ඔබ දන්නවාද ඔය කියන ප්‍රදේශය අසලම තියෙන වික්ටෝරියා වේල්ල ගැන.. ඔය වේල්ලට වම්පසින් හෝ දකුණු පසින් සුලු හෝ හානියක් සිදුවුණොත් වේල්ලේ පිටුපස සිරකර ඇති ජලය මහා ජලධරාවක් වගේ... පොල්ගස් වලටත් වඩා උස කන්දක් " වගේ වේල්ලෙන් පහළ ඇති ප්‍රදේශයට කඩා වදිනවා. ඊට පස්සේ සිදුවන්නේ කුමක්ද කියා මම කියන්න නොවෙයි හිතන්නවත් කැමති නැහැ. එ් නිසා මම යලිත් ඉල්ලා සිටින්නේ භූවිද්‍යා සහ පතල් කැනීම් කාර්යාංශයේ නිලධාරි මහත්මයින්ගෙන් මේ පරීක්ෂණ පැයෙන් පැය කරගෙන යන්න කියලයි. ඒ අතරේම බන්ට් එකෙන් පහළ කොටසේ ජීවත්වන අයගේ ආරක්ෂාව ගැන නිතරම අවධියෙන් ඉන්න. අනතුරකට කලින් ඒ සියලුදෙනාවම මුදවාගන්නා ආකාරයත්, ඔවුන් පදිංචි කළහැකි තැන් පිළිබඳවත් මීට කලින් වාර්තා හදලා තියෙනවද කියලා සොයාබලා ක්‍රියාත්මක වන්න. විනාශය සිදුවුණාට පස්සේ අනුන්ට දොස් පැවරීම අපේ ගතිය නිසයි මම මේ ගැන සඳහන් කලේ...