
(තිළිණි ද සිල්වා)
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය මේ මාසය අග දී ආරම්භ කෙරෙන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (02) පැවසීය.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මඟීන් හැසිරවීමේ වර්තමාන ධාරිතාව, වසරකට මගීන් මිලියන 6ක් වන අතර එම සංඛ්‍යාව මිලියන 15ක් දක්වා වැඩි කිරීම ව්‍යාපෘතියේ අරමුණ බවත්, එමගින් ගුවන්තොටුපළේ ආරක්ෂාව, කාර්යක්ෂමතාව හා පාරිභෝගික සේවා පුළුල් කෙරෙන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මේ සඳහා ජපන් රජය ජපන් යෙන් මිලියන 74,397ක ණය මුදලක් පිරිනමා තිබෙන අතර ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම මේ සඳහා වැය කරන මුදල රු.මිලියන 21,645ක් යැයිද සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් අදියර දෙකක් යටතේ සිදුවන අතර පළමු අදියර සඳහා වැය කෙරෙන මුදල රු.බිලියන 108ක් වන බවත් , එය වසර 3කින් එය නිම කිරීමට නියමිත බවද සංචාරක අමාත්‍යවරයාකීය.
පළමු අදියර යටතේ ප්‍රධාන පර්යන්ත ගොඩනැගිල්ල හා සම්බන්ධ ගොඩනැගිලි, මගී පාලම්, වැසි ජල අපහරණ පද්ධතිය, උස් කරන ලද මාර්ග, විදුලි බලය, ජල සැපයුම් හා අපද්‍රව්‍ය බැහැර කිරීමේ පද්ධතිය, දහන යන්ත්‍ර හා සංයුක්ත යන්ත්‍රෝපකරණ, මහල් 5කින් යුක්ත රථගාලක් ද ඉදිකිරීමට නියමිතය.
මෙහි දෙවන අදියර යටතේ යටතේ යන්ත්‍රාංගනය, ප්‍රවේශ මාර්ගය, රැඳවුම් පොකුණ, වැසි ජල අපහරණ පද්ධතිය ඉදිකෙරෙන අතර එහි සංවර්ධන කටයුතුවලින් 80% ක් පමණ මේ වන විට අවසන් කර ඇති අතර මේ සඳහා ඇස්තුමේන්තු කර ඇති මුදල රුපියල් බිලියන 6ක් බවද අමාත්‍යවරයා පෙන්වාදේ.
මෙම ඉදිකිරීම් නියමිත ව්‍යාපෘති කාලය තුළ අවසන් කිරීමට අදාල කොන්ත්‍රාත් සමාගමට උපදෙස් දී ඇති අතර මේ සම්බන්ධයෙන් පූර්ණ අධීක්ෂණයක නිරතව නියමිත කාලයේදී එම ව්‍යාපෘතිය අවසන් කරවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා ගුවන්තොටුපළ හා ගුවන්තොටුපළ සේවා සමාගම් බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රසන්න, ඔයා රණතුංග මිස රණවීර නොවන බව මතක තබාගන්න. මේ වෙලාවෙ බොරු දේවල් වලට සල්ලි නාස්ති නොකර, මිනිස්සුන්ගෙ අමාරුකම් පිළිබඳව සිතන්න. තියන එයාපෝට් දෙකට එන්නවත් ප්ලේන් නෑ, සල්ලි ගිලින වැඩ නොකර ඔබගේ ආසනයේ සිද්දවෙන පාතාල ක්‍රියා නවත්තන්න උත්සාහ කරන්න. උඩුගම්පොළ, මිනුවන්ගොඩ, දිවුලපිටය පාතාල රාජධානි බව අමතක නොකරන්න. ගෝඨාව ගේන්න ඔබ වෙහෙසුණු බව ඇත්ත.. ඒත් ඒක අයුතු ලෙස භාවිතා නොකරන්න.
ගුවන් තොටුපොල පුලුල් කරන්න නොවෙයි "එහි වැසිකිලි ටික නිසි අයුරින් නඩත්තු කරන්න (පිරිසිදු කරන්නන් වැසිකිලි ඇතුලෙම නිදිය ගන්නවා.. මොකද අධීක්ෂණ නිලධාරින්වත් රාජකාරිය කරන්නේ නැහැ. විදේශිකයන්ගෙන් විතරක් නොවෙයි ස්වදේශිකයින්ගෙනුත් තියෙන ලොකු චෝදනාවක් ඒක. අපේ මිනිස්සු ඉන්දියාවට බනිනවා... වැසිකිළි නැහැ කියලා. සංචාරකයින්ගේ පැමිණීම මිලියන 6 සිට 15 දක්වා වැඩිකරන්න පුළුවන් නම් හොඳයි. නමුත් 150% කින් එකවරම ඒක වැඩි කරන්නේ කොහොමද? ඒකට මොනවද සැලසුම්? අද ලංකාවට ගුවන් යානා කීයක් එනවද - යනවද? මීට අවුරුදු 10කට කලින් ඒ තත්වය මොකක්ද? රුපියල් මිලියන 5600ක් වැයකරලා (රටේ සල්ලි නොවෙයි, විදේශීය ණය) මත්තලට ජාත්‍යන්තර ගුවන් තොටුපොලක් හැදුවේ ඇයි? හැමරජයකම 99%ක්ම ඇමතිවරු බලන්නේ "මොකක් හරි විශාල ව්‍යාපෘතියක් කරන්න. "කාට ආදරේටද කියලා බුද්ධිය තියෙන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ණය ගන්න එක විතරක් නොවෙයි, ඒවා ගෙවන හැටිත් හිතන්න ඕනෑ...