දිවයින පුරා වැස්ස වැඩි වේ ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි සහිත ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයිනපුරා වැස්ස වැඩි වීමක් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 13 May 2024
මැති සබේ තවත් 10ක් පිටරැටියෝ විදේශයන්හි පුරවැසිභාවය ලැබූ මන්ත්‍රීවරුන් තවත් දහයකට ආසන්න සංඛ්‍යාවක් සහ රාජ්‍ය සේවයේ උසස් නිලධාරීන් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් සිටින බවට තොරතුරු වාර්තාවී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. 13 May 2024
රුසියාවට නව ආරක්ෂක ඇමැතිවරයෙක් රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා ලෙස, 2012 වසරේ සිට කටයුතු කරන 68 හැවිරිදි සර්ජී ෂොයිගු එම තනතුරින් ඉවත් කර, නව ආරක්ෂක අමාත්‍යවරයකු නම් කිරීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පියවරගෙන ඇත. 13 May 2024
නිදි ඇඳේ දී සැමියා මරා සිරුර වැවට දමලා නිවෙසේ නිදාගෙන සිටි සැමියා ඝාතනය කර සිරුර මහ රෑ කර මත තබාගෙන තනියම ගොස් ඉහළ ගිරිබාව වැවට දැමූ බව කියන බිරිය සැකපිට අත්අඩංගුවට ගත් බව ගිරිබාව පොලිසිය සඳහන් කරයි. 13 May 2024
දුප්පතුන්ට බෙදන්න දුන් සහල් පුස් කන්න ඇරලා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනය ලෝක ආහාර වැඩසටහන යටතේ මෙරටට දුප්පත් ජනතාවට බෙදාදීමට දුන් සහල් තොගයක් කල් ඉකුත්වීමෙන් පසුව යළි බෙදා හැරීම සඳහා කහටගස්දිගිලියේ ප්‍රසිද්ධ සහල් මෝලකට යවා ශුද්ධ (පොලිෂ් ) කරමින් තිබියදී සිය බාරයට ගත් බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි. 12 May 2024
ගංජා සමඟ හිටපු ලාන්ස් කෝප්රල් මාට්ටු කේරළ ගංජා කිලෝ 1යි ග්‍රෑම් 460 ක් සමග යුද හමුදාවේ හිටපු ලාන්ස්කෝප්රල්වරයකු අද(12) සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 12 May 2024
‘‘විජයදාස පිළිගන්න බෑ‘‘ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකයකු වන ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට නම් කිරීම එස්. ඩබ්ලිව්. ආර්.ඩී බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීමටත් වැඩි කණගාටුදායක සිද්ධියක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල පාර්ශ්වයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය. 12 May 2024
ලෝක හෙද දිනය සමරයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ ජාත්‍යන්තර හෙද දින සමරු උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී අද පැවැත්විණි. 12 May 2024
වසරකට භික්ෂූන් 2000ක් උපවැදි වෙනවා උපසම්පදා භික්ෂුන් 2000කට අධික පිරිසක් වසරකට උපැවිදි වීමේ තත්වයක් රටේ නිර්මාණය වී ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 12 May 2024
කෝටි 10ක අම්බර් කන්දකුලියෙන් අල්ලයි කල්පිටිය කන්දකුලිය ප්‍රදේශයේ නිවසක පිටුපස වලදමා තිබු රුපියල් කෝටි 10 කට අධික වටිනාකමකින් යුත් බව කියන අම්බර් (තල්මස් වමනය) කිලෝ 35 කට ආසන්න ප්‍රමානයක් සමග සැකකරුවන් 5 දෙනකු අත් අඩංගුවට ගත් බව පුත්තලම කොඨඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය කියයි. 12 May 2024
සපුගස්කන්දේ ගෑස් නළයකට අකුණුු සැර වදී සපුගස්කන්ද පිහිටි තෙල් පිරිපහදුවේ පහනට ( කුළුණට) ගෑස් සපයන නලයකට අද සවස අකුණු සැර වැදීම නිසා ගින්නක් හටගත් බව සපුගස්කන්ද තෙල් පිරිපහදු ආරංචි මාර්ග කියයි. 12 May 2024
පාදුක්කේදී මහා කොල්ලයක් පාදුක්ක මාවතගම ප්‍රදේශයේ අබලි යකඩ ද්‍රව්‍ය එකතු කිරීමේ වෙළදසැලකට කඩු සහ මන්න අතැතිව පුද්ගලයන් තිදෙනකු එහි සිටි හිමිකරුගේ බිරිඳට සහ සේවකයකුට කැපුම් තුවාල සිදු කර මුදල් සහ රන් ආභරණ කොල්ල කා පළා ගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි. 12 May 2024
අධික රස්නයෙන් යාපනයේ අයෙක් මරුට යාපනය ප්‍රදේශයේ තවත් අයකු අධික රස්නය හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බව වෛද්‍යවරු පවසති. 12 May 2024
වැස්සෙන් තැන තැන කඳු කඩා වැටේ අද දවසපුර පැවති ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ රැසක පහත් බිම් ජලයෙන් යටවූ අතර කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ හපුතලේ බෙරගල අතර උඩ විහාරගල ප්‍රදේශයේදී ගල් පර්වත කීපයක් සමග පස් කන්දක් පෙරළී එක් මං තීරුවකට වැඩි කොටසක් අවහිර වී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. 12 May 2024
අයිතිකරුවෙක් නැති යතුරු පැදියක් ඉත්තපානෙන් හමුවේ ඉත්තපාන මීගම ගඟේ පාලම අසල අයිතිකරුවකු නැති යතුරු පැදියක් දමා ගොස් තිබියදී ඉත්තපාන පොලිසිය සොයාගෙන ඇත. 12 May 2024
කැරට් කෑල්ලේන් ආ මරුවා සිඟිත්තා ඩැහැගනී කැරට් අල කැබැල්ලක් උගුරේ සිරවීමෙන් මාස 19ක බිළිදකු මියගොස් ඇතැයි අනුරාධපුර ශික්ෂණ රෝහලේදී සිදු කළ හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණ වූ බව සාලියවැව පොලීසිය පැවසීය. 12 May 2024
පුරාවස්තු සමග අයෙක් සැකපිට කල්පිටිය, ආලන්කුඩා ප්‍රදේශයේ නිවසක නීති විරෝධී ලෙස සන්තකයේ තබාගෙන සිටි රත්‍රං බවට සැකකෙරෙන පුරාවස්තු තොගයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 12 May 2024
රජයේ සම්පත් විකිණීම ගැන මහින්දගෙන් නිවේදනයක් වර්තමාන ආණ්ඩුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධූර කාලයේ ඉතිරි කොටස තුළ රට පාලනය කිරීම සඳහා පිහිටුවා ගත් අන්තර්කාලීන වැඩපිළිවෙළක් බවත් එවන් අවස්ථාවක රාජ්‍ය දේපොළ කඩිමුඩිය විකුණා දැමීමෙන් රටට වැඩදායී ප්‍රතිඵලයක් ලබාගැනීමට නොහැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 12 May 2024
මාළු කඩයක් අරින්න ගිහින් කටුගස්තොට යුද පිටියක් වේ සන්නද්ධ මැරවරයන් පිරිසක් මාළු කපන පිහි රැගෙන කටුගස්තොට නගරයේ විවෘත කිරීමට සූදානම්ව තිබූ මත්ස්‍ය අලෙවි මධ්‍යස්ථානයකට මහදවල් කඩා වැදී එහි දේපළවලට සහ වාහනවලට අලාභාහානි කරද්දී කටුගස්තොට නගරයම භීතියෙන් ඇළලී ගිය බවද වාර්තාවේ . 12 May 2024
සාපෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයේත් දැවැන්ත ගැටලුවක් අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රය ප්‍රතිපාදන සැලැස්මට පරිබාහිරව සකස් කර ඇති බවට මේ වන විට චෝදනා එල්ල වී ඇති බවත් විභාගය අවසන් වීමෙන් පසුව ඒ පිළිබඳව සමාලෝචනය කර නිර්දේශ සහ උපදේශ නිකුත් කරන බවත් විභාග දෙපාර්තමේන්තුව පවසයි. 12 May 2024
සාපෙළ විභාගය නිරීක්ෂණයට අතිරේක නිලධාරීන් අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විභාග ශාලා සුපරීක්ෂණයට අතිරේක නිලධාරීන් යෙදවීමට පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. 12 May 2024
කොළොන්න මහවැලියට රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 29 සහ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරි වසම් 18 ක් නව මහවැලි කොට්ඨාසයක් ලෙස ප්‍රකාශයට පත් කළ බව වාරිමාර්ග වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කීවාය. 12 May 2024
විජයදාස නිතරඟයෙන් සභාපති පුටුවට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නව සභාපති ලෙස ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා නිතරගයෙන් මීට සුළු මොහොතකට පෙර තේරී පත්විය. 12 May 2024
ඔලිම්පික් ගිනිසිළුව රැගෙන ගිය පළමු ශ්‍රී ලාංකියා ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යාමේ ගෞරවයට පාත්‍ර වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වෙමින් ඉතිහාස පොත් අතරට එක්වීමට තර්ෂන් සෙල්වරාජා මහතා සමත් විය. 12 May 2024
සජිත් පටන් ගත් වැඩ ඉවර කරන්න ප්‍රසන්නගෙන් කැබිනට් පත්‍රිකාවක් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යවරයා වශයෙන් සිටියදී වැඩ ආරම්භ කර අවසන් නොකළ නිවාස 44,053ක වැඩ අවසන් කිරීම සඳහා රුපියල් මිලියන 15,244.58 ක මුදල් ප්‍රතිපාදන ලබා දෙන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා රජයෙන් ඉල්ලීමක් කර තිබේ. 12 May 2024
පොලිස් අණ නොතකා ගිය ලොරියට වෙඩි පොලිස් අණ නොතකා පලායාමට තැත් කරද්දී වෙඩි තබා නතර කරගත් ලොරි රථයක සිටි පුද්ගලයින් දෙදෙනෙකු පලා ගොස් ඇතැයි පොලීසිය කියයි. 12 May 2024
එකට ඉපිද එකම දා එකටම යුග දිවියට කතරගම දෙටගමුව ප්‍රදේශයේ නිවසක මීට වසර 23 ට ඉහතදී උපත ලැබූ දැරියන් තිදෙනකු සිය නිවසේදී මහ සඟරුවනේ සෙත්පිරිත් සඡ්ජායනා සහ ආගමික අනුශාසනා මධ්‍යයේ විවාහ දිවියට ඇතුලත්වීමෙි දුලබ සිදුවීමක් දැක ගන්නට ලැබිණ. 12 May 2024
ලබන වසරේ රාජ්‍ය සේවක වැටුප් යළි ඉහලට 2025’ වසරේ දී මෙරට ආර්ථික වර්ධන වේගය 3%ක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 12 May 2024
මැලේසියාවේදී බොයිලේරුවක් ඇඟට පෙරැළි මිය ගිය තරුණයාගේ සිරුර ගෙන එයි මැලේසියාවේ අවන්හලක සේවය කරමින් සිටියදී බොයිලේරුවක් ඇඟට පෙරලී මිය ගිය තරුණයාගේ සිරුර ඔහු පදිංචි ශ්‍රී ලංකාවේ මස්කෙළිය, බ්‍රන්ස්වික් තේ වතුයායේ, මොටින්හෑම් කොටසේ නිවසට රැගෙන ආ බව මස්කෙළිය පොලීසිය පවසයි. 12 May 2024
දන්සැල්වලට සතොසෙන් විශේෂ වට්ටමක් වෙසක් උත්සවය වෙනුවෙන් සංවිධානය කරන දන්සැල් සඳහා ආහාර ද්‍රව්‍යවලට විශේෂ වට්ටමක් පිරිනැමීමට ලංකා සතොස තීරණය කර ඇති බව නිවේදනය කරයි. 12 May 2024
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026