
(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ ජාත්‍යන්තර හෙද දින සමරු උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී අද පැවැත්විණි.
සෑම වසරකම මැයි 12 වනදා ජාත්‍යන්තර හෙද දිනය ලෙස සමරනු ලබන්නේ හෙද සේවයේ නිර්මාතෘවරිය වන ෆ්ලෝරන්ස් නයිටිංගේල් ආර්යාවගේ ජන්ම දිනය නිමිති කර ගනිමිනි. ‘අපේ හෙදියන්- අපේ අනාගතය, හෙද සාත්තුවේ ආර්ථික බලය’ යන්න මෙවර ජාත්‍යන්තර හෙද දිනයේ තේමාවයි.
ශ්‍රී ලංකා හෙද විශ්වවිද්‍යාලයේ සමරු ඵලකය නිරාවරණය කර එය ආරම්භ කිරීම ද මේ හා සමගාමීව ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ නිල වෙබ් අඩවිය දියත් කිරීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් සිදු විය.
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, යදාමිනී ගුණවර්ධන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
GMOA එක ඇතුළු ලංකාවේ දොස්තරල එදා ඉඳන්ම හෙදියන්ට උපාදිය දෙන එකට විරුද්ධ වුණා කුහක කමට. එහෙම නොවුනානම් මෙම හෙද විශ්ව විද්‍යාලය මීට අවුරුදු ගානකට කලින් ක්‍රියාත්මක වෙන්න තිබුණ දෙයක්. දැන් හරි ක්‍රියාත්මක වීම හොඳයි. දැන්න්ම් ගොම සංගමයට ඇස් වල කටු අනිනවා වගෙ ඇති