
(ජයරත්න වික්‍රමාරච්චි)
කැරට් අල කැබැල්ලක් උගුරේ සිරවීමෙන් මාස 19ක බිළිදකු මියගොස් ඇතැයි අනුරාධපුර ශික්ෂණ රෝහලේදී සිදු කළ හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණ වූ බව සාලියවැව පොලීසිය පැවසීය.
මියගොස් ඇත්තේ සාලියවැව යාය හත පදිංචිව සිටි සවීන් දුල්සඳ උපාධ්‍ය නමැති අවුරුද්දයි මාස හතක බිළිදෙකි.
11 දින සවස සිය නිවසේ සිටියදී මෙම අනතුර සිදුවී ඇති බවත් එම අවස්ථාවේදී වහාම ක්‍රියාත්මක වී ඇති මව්පියන් දරුවාව 1990 ගිලන් රථ සේවාව ඔස්සේ නොච්චියාගම දිසා රෝහලට රැගෙන ගොස් ඇති බවත් කීවේය.
එහිදී කඩිනමින් දරුවාව නොච්චියාගම දිසා රෝහලේ සිට අනුරාධපුර ශික්ෂණ රෝහලට යැවීමට පියවර ගෙන ඇති බවත් නමුත් එසේ රැගෙන ගියද දරුවා රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවත් පොලීසිය සදහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
472
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැරට් කෑල්ලේන් ආ මරුවා සිඟිත්තා ඩැහැගනී
Asela Sunday, 12 May 2024 04:41 PM
හදිසි ප්‍රථමාධාර ගැන දෙමව්පියන්ගේ නොදැනුවත්කම නිසා ඇතිවුණු මරණයක්. දරුවාව නිවසේදීම බේරාගන්න තිබුණා.
සංජීව Sunday, 12 May 2024 11:01 PM
හුස්ම හිරවූ දරුවකුට විනාඩි ගණනක් ඇතුළත උගුරේ අවහිරය ඉවත් කරගන්න බැරි උනොත් ලොකු ජීවිත අවදානමක් තියෙනවා. සිදුවීම වූ අවස්ථාවේම දරුවාගේ හිස පහලට සිටිනසේ ඔසවා පිටට පහර කිහිපයක් ගැසුවානම් බොහෝවිට බේර ගන්න තිබුනා. දකින කොටත් දුකයි.
කල්පනා Monday, 13 May 2024 05:52 AM
කුඩාම දරුවන්ට කැබලි ආහාර දෙනවිට පොඩිකර දෙනවා නම් නැත්නම් කුඩාම කැබලි කලොත් ඔහොම වෙන්නෙ නැහැනේ දැන් කාලයේ දෙමව්පියන්ට ප්‍රථමාධාර ගැන කිසිම දැනුමක් නැහැ සමහර විට අම්මා උගුරට ඇගිල්ල දමා මොනවත් කලානම් තවත් හිරවෙන්න පුළුවන් . පුදුමෙ කියන්නෙ නොච්චියාගම රෝහලේ අයටත් කිසිවක් නොතේරීම තමයි
Bunny Preena Monday, 13 May 2024 02:25 PM
කැරට් හෝ අලවෙනි ගැන ආහාර හොඳට තම්බලා පොඩි කරලානේ දෙන්ඩ ඕනෑ... අම්මා තියන කම්මැලි කමට ඔහේ කෑලි කටට ඔබලා තියන පාටයි.... පව් අහිංසක ජිවිතයක්