IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පොලිස් අණ නොතකා ගිය ලොරියට වෙඩි

( පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ආනන්ද ඉ ජයකොඩි)

පොලිස් අණ නොතකා පලායාමට තැත් කරද්දී  වෙඩි තබා නතර කරගත් ලොරි රථයක සිටි පුද්ගලයින් දෙදෙනෙකු පලා ගොස්  ඇතැයි පොලීසිය කියයි.

සොරා ගෙන යමින් සිටි  බවට සැක කරන ගවයින් දෙදෙනකු සහ ජීව අත් බෝම්බයක් ඇතුළු දේපල සමඟ  එම ලොරිය  සිය බාරයට ගත් බව මීරිගම පොලීසිය කියයි.

රාත්‍රී මුර සංචාරයේ යෙදුණු පොලිස් කණ්ඩායමක්  මිරිගම ගනේගොඩ මාර්ගයේ ගමන් ගත්   ලොරි රථයක් නතර කිරීමට සංඥා කර ඇති අතර ,  පොලිසියේ නියෝගය  නොතකා ගමන් ගත් ලොරි රථය  ඉදි වෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ සැපයුම් මාර්ගය ඔස්සේ ඉදිරියට ගමන් කිරීමට පියවර ගෙන තිබේ .   

ලොරි රථයේ ගමන් ගත් පුද්ගලයන්  රථය මාර්ගයේ දමා පලා ගොස් ඇත. ලොරි රථය පරික්ෂා කිරිමේදි වස්සකු හා එළ දෙනෙක   ලොරි රථයේ සිට ඇති අතර රියැදුරු අසුන යට තිබී විදේශ රටක  නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් හා ජංගම දුරකථනයක් පොලිස් නිලධාරීන්ට හමු වී ඇත 

 

 

 



අදහස් (0)

පොලිස් අණ නොතකා ගිය ලොරියට වෙඩි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 472 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site