
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
නිවෙසේ නිදාගෙන සිටි සැමියා ඝාතනය කර සිරුර මහ රෑ කර මත තබාගෙන තනියම ගොස් ඉහළ ගිරිබාව වැවට දැමූ බව කියන බිරිය සැකපිට අත්අඩංගුවට ගත් බව ගිරිබාව පොලිසිය සඳහන් කරයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ ඉහළ ගිරිබාව හතර කණුව ප්‍රදේශයේ පදිංචිව සිටි උදය කුමාර නැමැති තිස් දෙහැවිරිදි දෙදරු පියකු බව පොලිසිය කියයි.
සැකකාර කාන්තාව සිය සැමියා කර මත තබාගෙන මීටර් එකසිය පනහක් පමණ දුර ගොස් තිබෙන බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ අවුරුදු තිස්තුනක් වයසැති කාන්තාවක වන අතර ඇය මීට කලින් විවාහ වී නීත්‍යානුකූලව සැමියාගෙන් වෙන් වී ඇති බවත් උදය කුමාර නැමැත්තා ද මීට කලින් විවාහ වී බිරිඳගෙන් නීත්‍යානුකූලව වෙන් වී සිටි තැනැත්තකු බවත් පොලිසිය සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදරය කියන්නේ ඕකට තමයි.