
(ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක)
මැලේසියාවේ අවන්හලක සේවය කරමින් සිටියදී බොයිලේරුවක් ඇඟට පෙරලී මිය ගිය තරුණයාගේ සිරුර ඔහු පදිංචි ශ්‍රී ලංකාවේ මස්කෙළිය, බ්‍රන්ස්වික් තේ වතුයායේ, මොටින්හෑම් කොටසේ නිවසට රැගෙන ආ බව මස්කෙළිය පොලීසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ, රාජ්කුමාර් ඩේවිඩ්සන් නැමති (24) හැවිරිදි අවිවාහක තරුණයෙකි.
මෙම තරුණයා දැනට වසර එක හමාරකට පමණ ප්‍රථම මැලේසියාවේ රැකියාවකට ගොස් ඇත.
එහිදී ඔහු අවන් හලක සේවය කරමින් සිටියදී ලිස්සා වැටීමට ගිය අවස්ථාවේ උණුවතුර සහිත බොයිලේරුවක අත ගැටි ඔහුගේ ඇඟ මතට එම බොයිලේරුවේ උණුවතුර වැටීමෙන් බරපතල පිළිස්සුම් තුවාල ලබා තිබේ.
ශරීරයේ වැඩි කොටසක් උණුවතුරට පිලිස්සීයාම නිසා බරපතල තුවාල සහිතව මැලේසියාවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් පසුවෙද්දී මිය ගොස් ඇති බව මරණකරුගේ ඥාතීහූ පැවසූහ.
මිය ගිය අයගේ අවසන් කටයුතු අද (12) බ්‍රන්ස්වික් තේ වතුයායේ, මොටින්හෑම් කොටසේ පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබුණි.
2025 දෙසැම්බර් මස 18
472
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැලේසියාවේදී බොයිලේරුවක් ඇඟට පෙරැළි මිය ගිය තරුණයාගේ සිරුර ගෙන එයි
Bunny Preena Monday, 13 May 2024 02:32 PM
වැටෙන්න යන වෙලාව අල්ලගන්න පුළුවන් එකම දේ හැටියට ආසන්නම බොයිලේරුව රඳවනය තියෙන්න ඇති. පවු, වටිනා තරුණ ජීවිතයක්... මොන තරම් බලාපොරොත්තු පවුලේ අය සහ තරුණයා ළඟ තියෙන්න ඇද්ද? ඔහුට නිවන් සුව පතමි.