
(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකයකු වන ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට නම් කිරීම එස්. ඩබ්ලිව්. ආර්.ඩී බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීමටත් වැඩි කණගාටුදායක සිද්ධියක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල පාර්ශ්වයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.
අනීතික රැස්වීමක් පවත්වා වාරණයට ලක් වූ පිරිසක් තනතුරුවලට පත් කරගෙන ඇතැයිද ඔහු සඳහන් කළේය.
දිසානායක මහතා මෙසේ පැවසුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
දුමින්ද දිසානායක මහතා මෙසේද පැවසීය.
ඒ අය කැඳවපු රැස්වීම අනීතිකයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවල වෙනසක් නීත්‍යානුකූල මට්ටමින් සිදුවෙලා නැහැ. වාරණයට ලක්වෙච්ච පිරිසක් තමයි අද දිනයේත් අනීතික රැස්වීමක් කැඳවලා තියෙන්නේ. වාරණයට ලක් වෙච්ච පුද්ගලයන්ව ඒ අනීතික රැස්වීමේදී නැවත වතාවක් තනතුරුවලට පත් කරලා තියෙනවා.
අපි කියන්නේ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා නිත්‍යානුකූලව ඉවත් විය යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයකු නොවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයකු පක්ෂයේ සභාපති කරලා. මේක එදා බණ්ඩාරනායක මහත්තයා ඝාතනය කළාට වඩා දෙයක්. තවත් විදිහකට කියනවා නම් පක්ෂය සමූල ඝාතනය කිරීමක්.
විජයදාස රාජපක්ෂ මහතා මුලින්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉවත් වෙන්න ඕන. ඊට පස්සේ ඒ පක්ෂය අපිට ඒක කියන්න ඕන. විජයදාස සාමාජිකයෙක් නොවෙයි කියලා. එතකොට තමයි විජයදාස රාජපක්ෂ මහත්තයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ඉල්ලුම් කරන්න පුළුවන් වෙන්නෙ. සාමාජිකයකු නොවන පුද්ගලයකුට පක්ෂයක සභාපති කමක් දරන්න බැහැ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට නම් ඔය කවුරුත් පිළිගන්න බැහැ.ඒ තරමට දූෂිතයි. ඩීල්දාස තරම් යටි උගුල්කාරයෙක් ඉතිහාසයේ ඉඳල නැතිව ඇති.
රටේ මිනිස්සු බේද බින්න වෙලා ඉන්න තරමට ඉන්දියාවට හොදයි... ඉතිහාසයෙත් තියෙනවා අපේ මිනිස්සු බේද බින්න වෙලා ඉන්නකොට ඉන්දියාවේ අශ්ව වෙළෙන්දෝ දෙන්නෙක් ලංකාව පාලනය කරන්න පටන් ගත්තා කියලා... දැනුත් ඉන්නවා ඉන්දියාවේ වෙළන්දෙක් ලංකාවේ සෑහෙන දේපලක් පාලනය කරන... මේ විදියට ගියොත් ඉතිහාසය නැවත අලුත් වෙයි
ඔය කාගෙ කාගේත් කෙරුවාවල් ඡන්දයක් ආපුවාම බලාගන්න පුළුවන් වෙයි.