(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

කල්පිටිය කන්දකුලිය ප්‍රදේශයේ නිවසක පිටුපස වලදමා තිබු රුපියල් කෝටි 10 කට අධික වටිනාකමකින් යුත් බව කියන අම්බර් (තල්මස් වමනය) කිලෝ 35 කට ආසන්න ප්‍රමානයක් සමග සැකකරුවන් 5 දෙනකු  අත් අඩංගුවට ගත් බව පුත්තලම කොඨඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.

වනාතවිල්ලුව පොලිස් කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත පුත්තලම කොඨඨාස අපරාධ විමර්ශන කාර්යාංශ නිළධාරීන් සමග එක්ව සිදුකල වැටලිමේදි මෙම දැවැන්ත අම්බර් තොගය සොයා ගැනිමට සමත් වු බව කියයි.

අදාල අම්බර් තොගය මුහුදේ පාවෙමින් තිබියදී කන්දකුලිය ධීවරයින් විසින් ධීවර යාත්‍රාවක සඟවා රහසේ ගොඩ බිමට රැගෙන විත් අලේවි කිරීම සදහා මෙසේ තබා ඇති බව කියයි.

කෙසේ වෙතත් මෙම අම්බර් තොගය පිළිබදව ලැබුන තොරතුරු මත අදාල නිවස වටලා පරික්ෂා කිරීමේදි නිවස පිටුපස ඉතා ආරක්ෂීතව වල ඔතා වල දමා තිබු බව කියයි.