IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වැස්සෙන් තැන තැන කඳු කඩා වැටේ

(ශාන්ත චන්ද්‍රසිරි,නිමල කොඩිතුවක්ක්, සමන් පාලිත නානායක්කාර සහ සම්පත් ප්‍රියනන්දන)

අද දවසපුර පැවති ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ රැසක පහත් බිම් ජලයෙන් යටවූ අතර කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ හපුතලේ බෙරගල අතර උඩ විහාරගල ප්‍රදේශයේදී ගල් පර්වත කීපයක් සමග පස් කන්දක් පෙරළී එක් මං තීරුවකට වැඩි කොටසක් අවහිර වී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

මෙසේ ගල් පෙරළී එක් මන්තීරුවක් අවහිර වී ඇති ස්ථානයේ හා ඒ දෙපසින් තවදුරටත් විටින් විට ගල් පෙරලෙමින් තිබෙන ආයුරු දක්නට ලැබුණු බවද එම ස්ථානය පසු කරන රථ වාහන රියදුරෝ පවසති.

කෙසේ වෙතත් මේ වන විට එම ස්ථානයේ තිබෙන ඉඩකඩ අතරින් වාහන ධාවනය අනතුරුදායක බව රියදුරන් ඇතුළු ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ද නායයාමේ අනතුරු ඇඟවීමේ කහ නිවේදනය ද හල්දුම්මුල්ල සහ හපුතලේ මෙම ප්‍රදේශයට මේ වනවිට නිකුත් කර ඇති බව එම මධ්‍යස්ථානය පැවසීය.

අධික වර්ෂාව සමඟ තද මිහිදුම් තත්ත්වයක්ද පවතින බැවින් බෙරගල හපුතලේ බෙරගල කොස්ලන්ද හරහා වැල්ලවාය යන මාර්ග භාවිතා කිරීමේදී විමසිල්ලෙන් හා පරිස්සමින් රථවාහන ධාවනය කරවන ලෙස පොලිසිය හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

මේ වන විට දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 13ක් සඳහා නායයාමේ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියයි.

මෙම නිවේදනය අද  පස්වරු 3.00 සිට හෙට පස්වරු 3.00 දක්වා වු කාලය සඳහා වලංගු වේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, හපුතලේ මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර, උඩුනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, දෙහිඹ්විට, ගලිගමුව, වරකාපොල, කෑගල්ල කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ, රත්නපුර සහ  ඉඹුල්පේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන් සඳහා පළමු මට්ටමේ විමසිල්මත්වීමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

කොළඹ තැන තැන යටවී තිබූ අයුරු - රුසිරු කොළඹතන්ත්‍රිගේ



අදහස් (1)

වැස්සෙන් තැන තැන කඳු කඩා වැටේ

sunil Sunday, 12 May 2024 07:54 PM

කොළඹට විශාල වශයෙන් තද වැස්සක් ලැබුනේ නැහැ. මෙසේ යටවීමට හේතුව වන්නේ කාණු පද්ධති ගැන කිසිම හැඟීමක් නොමැතිව ඒවා අවහිරකිරීම, කුණු දැමීම, ගොඩ කිරීම, වහල වල සහ ගෙවතුවල වැහි ජලය පාරට හෝ පාරේ ඇති කානු වලට මුදා හැරිම වැනි ක්‍රියා නිසයි. එවිට, පාර ජලය බැසයාමට ඇති ප්‍රදේශයක් බවට (මාර්ග, වාරිමාර්ග වෙනවා) පත් වීම නොවැළැක්විය හැකියි. ඉදිකිරීම් වලදී මෙවැනි ගැටළු ගැන නොසිතා අවසර දීමත් තවත් ප්‍රශ්නයක්. බොහෝ අය වගකීමෙන් තොරයි. ඒ නිසා, සියලුම දෙනාම වාගේ පිඩා විඳිනවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 471 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site