
(අංජුල මහික වීරරත්න)
උපසම්පදා භික්ෂුන් 2000කට අධික පිරිසක් වසරකට උපැවිදි වීමේ තත්වයක් රටේ නිර්මාණය වී ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
බුද්ධ ශාසන අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවකට අනුව එම කරුණු පැහැදිලි වන්නේ යැයි ද මන්ත්‍රීවරයා කීය.
රටේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය නිසා බෞද්ධ භික්ෂුන් වහන්සේලා එහි තීරණාත්මක ගොදුරක් බව පත්වීම මෙලෙස උපවැදි වීමට ප්‍රධාන හේතු සාධකයක් බවට පත්ව ඇතැයි ද චම්පික රණවක මහතා කීය.
'දේශය වෙනුවෙන් එක්වන පියවරක්' පොදු අවම වැඩපිළිවල මානෙල්වත්ත නගානන්ද විහාරස්ථානයේදී මහා සංඝරත්නය වෙත පිළිගන්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍යය අවබෝධ උනාම එහෙම වෙනවා වෙන්න බැරිද....
මොලේ වැඩෙන කොටයි සත්‍ය අවබෝධ වෙන්නෙ බිස්නස් කාර උන්නාන්සෙල කරන සමහර වැඩ නිසා මුලු සංඝ සංහතියම බැනුම් අහනවා. එක නිසාද තරුණ අය සාසනෙන් ඉවත් වෙනවා. සල්ලි උපයන මාර්ග වලින් පවුල් ඔය අය ඉවත්වෙච්ච දාක සැබෑ සිල් රකින අය ඉතිරිවෙයි, ඒවට අලුතින් එකතුවෙයි.
ගිහි ජීවිතේ නමක් හදාගෙන පස්සෙ මහණ වෙලා මගේ අරමුණ අර උස කන්දේ සෑයක් හදල සතර වරිගයම නිවන් යවන්න කීවම රටේ මන්ද මානසිකයෝ සාධුකාර දීල සම්මාදන් දෙනවා, ඔන්න ඔය ජාතියෙ බඩු ටික විතරක් ඉතිරිවෙයි මේ යන විදියට .
උපැවිදි නොවෙන්නෙ කට්ට අංකූරො ටික. මොකද ගිහි වුන ගමන් බස් එකේ සීට් එක නැති වෙනවා වගේම සමාජ පිලිගැනීම නැතිවෙනවා, බිස්නස් නැතිවෙනවා, අපචාර කරලා ෂේප් වෙන්න බැරි වෙනවා, පන්සල්වල දේපල පිට යනවා. ඉතිං ඔහේ චීවර දරා ගෙන එක්කෝ නිදන් හාරනවා, සල්ලි අච්චු ගහනවා, ගුරුකම් කරනවා, අපචාර කරනවා, මහා පන්සල් අසපු හදාගෙන දිවා රෑ ගරනවා, බණෙනුත් ගරනවා, ධර්මදූත සේවාව කියලා ලෝකෙ වටේ සංචාර යනවා, තව මෙකී නොකී කියන්න බැරි දේ කරනවා. මෙව්වා දැකලා කලකිරිලා පුළුවන් අය සිවුරු අරිනවා. ලොකු උන්නාන්සෙලාගෙ අපචාර වලට ගොදුරු වෙලා යන අයත් ඉන්නවා. කාමාසාව නිසා යන අයත් ඉන්නවා. දුප්පත් පවුල්වල තමන්ගෙ අම්මා තාත්තා නංගිලා මල්ලිලා ජීවත් කරන්න යන අයත් ඉන්නවා. මෙව්වා කියලා වැඩක් නෑ. හැබැයි ඔය ගැන දන්න අය කතා කරන්නෙත් නෑ. මාත් හීරලුවෙක්. හැබැයි දැං මං දෑතේ මහන්සියෙන් දාඩිය හෙලලා මගේ පවුලෙ අයට කන්න දෙනවා. ඒක මට නිවන් දකිනවට වැඩිය සතුටක්.
ධර්මය නොදුටුවාම උපැවිදි වීමද හොඳ? ශාසනයේ ඉඳගෙන එයම කා දමන එකද?
පැවිද්දන්ට විශ්ව විද්‍යාල තහනම් කර ඔවුන්ට පිරිවෙන් අධ්‍යාපනය ලැබීමට ඉඩ දෙන්න. ගිහියන් සමග ඇසුර මෙයට හේතුවයි...