
(උපුල් හේරත්, සහ සිඩ්නි රුවන් )
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනය ලෝක ආහාර වැඩසටහන යටතේ මෙරටට දුප්පත් ජනතාවට බෙදාදීමට දුන් සහල් තොගයක් කල් ඉකුත්වීමෙන් පසුව යළි බෙදා හැරීම සඳහා කහටගස්දිගිලියේ ප්‍රසිද්ධ සහල් මෝලකට යවා ශුද්ධ (පොලිෂ් ) කරමින් තිබියදී සිය බාරයට ගත් බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.
මෙම සහල් තොගය කොළඹ ප්‍රදේශයේ සිට ලොරි අටකින් පමණ කහටගස්දිගිලියට ප්‍රවාහනය කර ඇති අතර එහි සහල් කිලෝ 1,76,500ක් පමණ ඇතැයිද අධිකාරිය කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
කල්ඉකුත් වූ සහල් තොගය පොලිෂ්කර නව ඇසුරුම්වල අසුරා මහජනතාවට බෙදා හැරීම සඳහා සහල් මොල් හිමිකරු සමග ගිවිසුමක් අත්සන් කර ඇති බවත් කියැවේ.එසේ පිරිසිදු කිරීමට සහල් කිලෝවකට රුපියල් 12ක් අය කරන බවද එම ගිවිසුමේ සඳහන්වී අැත
සහල් රැගෙන ආ ලොරි රථ අටටම මුද්‍රා තැබීමට පියවර ගත් බව පාරිභෝගික සේවා නිලධාරීහු පවසති.
මේ සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක් විජේසුන්දර මහතාගෙන් කළ විමසීමකදී කියා සිටියේ ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු කරන බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිට ඉන්නවා ලේකම් ලා. පුද්ගලික ලේකම් ලා. අතට පයට වැඩ කාරයෝ. රාජ්‍ය සේවයේ ඉන්නවා හැත්තෑ බුරුත්තක් ...................... මොකටද අප්පා මුන් ? මුන් ඉන්නේ පඩි අරන්,කාර් පර්මිට් අරන් ...................පාර්ලිමේන්තු ගිහින් ආතල් අරන්....................... ඉන්න විතරද ඉස්සරවෙලාම ඇමතිය අල්ලගනිල්ල, ඊට පස්සේ රනිල් වත් අල්ලපල්ලා
මේකයි, ඕව ගන්න පෝලිමේ එන මිනිස්සු සතුන් හැටියට තමයි ඕව බෙදන අය සලකන්නෙ. ඒ සතුන්ගෙ චන්දෙ විතරයි වැදගත්. ප්‍රශ්නය සතුන්ට අවබෝධයක් නැහැ වෙන්නෙ මොනවද කියල,
ආණ්ඩුව සහා බලු රාජපක්ෂවරුන් මුදල් දීලා වල් වහල් බයියන් පිරිසක් සුදානම් කරලා තියන බව රාජපක්ෂ වරුන්ට සමීප ඔත්තුකරුවෙක් ඔත්තුවක් ලබා දී ඇත . මෙයින් ඔවුන් කරන්නේ රජයට සහා රාජපක්ෂ කල්ලියට විරුද්ද කොමෙන්ට් සහා පෝස්ට් අන්ලයික් කර ඒවාට පොදු ජනතාව මෙන් රජයට සහා රාජපක්ෂ කල්ලියට සහායෝගය දෙන ආකාරයට රිප්ලයි කිරීම. තවද , FACEBOOK, INSTRA , YOUTUBE වැනි සමාජ මාධ්‍ය PAGE සහා GROUP භාවිතා කරමින්ද රජයට සහා රාජපක්ෂ කල්ලියට සහයෝගය කරන මෙන් ප්‍රචාරය සිදු කරයි .මෙහිදී ඔවුන් විශේෂයෙන් ජාතිවාදය සහා රට සුළු ජාතින් නිසා විනාශ වන බව පෙන්වා දෙයි . පොදු ජනතාව අවදානයෙන් සිටින මෙන් ඉල්ලා සිටිමු . මෙය පිළිබදව ඔබගේ පවුලේ උදවිය සහා මිතුරන් දැනුවත් කරන්න . (Share)
බෙදුවාම නරක් වෙලා ගුල්ලෝ ගහලා කියනවා .බෙදන්නේ නැතුව හිටියම පුස් කන්න ඇරලා කියනවා.මොකද්ද බොලව් අපි කරන්න ඕන එහෙනම් ?
මෙම කරුණ ලෝක ආහාර වැඩසටහනට දන්වන්න තියෙන්නේ.... මුන්ගේ වෙස්මූනු ටික ගලවලා දාන්න