පොලොන්නරු ගොවියාට කෝටි 10ක කුඩු තැපෑලෙන් ඇවිත්
රුපියල් කෝටි දහයකට ආසන්න වටිනාකමක් සහිත මෙතැම්පටමයින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක්, පුලියක සගවා ලතින් ඇමෙරිකාවේ ගෝතමාළා රාජ්‍යයේ සිට කටුනායක, සීදුව කළම්බු කාර්ගෝ බන්ධිත ගුදම් ගබඩා සංකීර්ණය වෙත කූරියර් පාර්සල් සේවය ඔස්සේ ගුවන් තැපැල් මගින් එවා තිබිය දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (17) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.