කොටින්ගේ රත්රන් සෙවූ නාවික හමුදා කමාන්ඩර් දැලේ
එල්ටී.ටී.ඊ. සංවිධානය පසුගිය යුද සමයේ වළදමා අතැයි සැලකෙන රන් සහ මුදල් තොගයක් සොයා පොළොව අභ්‍යන්තරයේ ඇති වස්තූන් නිරීක්ෂණය කළ හැකි ස්කෑන් යන්ත්‍රයක් යොදා ගනිමින් මන්නාරම ,පේසාලේ මුරුගන් කෝවිල ආසන්නයේ කැලෑ ප්‍රදේශයක කැණීම් සිදුකරමින් සිටියේ යැයි කියන නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරයකු ඇතුළු සිවු දෙනෙක් මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සවස අත්අඩංගුවට ගනු ලැබූහ.