(යොහාන් භාසුර)

රජයේ සහ රජයේ අනුමත පාසල්වල මෙම වසරේ (2024) පළමු පාසල් වාරයේ තෙවැනි අදියර අද (20 වැනිදා) ආරම්භ වේ.

එම අදියර මෙම මස 31 වැනිදා අවසන් වී මෙම වසරේ දෙවැනි පාසල් වාරය ජුනි මස 3 වැනිදා සිට අගෝස්තු මස 16 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් පළමු වාරයේ දෙවැනි අදියර මේ මස 3 වැනිදා අවසන් වූ අතර සාමාන්‍ය පෙළ විභාගය මේ මස 6 වැනිදා සිට 15 වැනිදා දක්වා පැවැත්විණි.