
(යොහාන් භාසුර)
ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබූ ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රය ආගමන විගමන දෙපාර්තමේන්තුවට භාර දුන් බව ආගමන විගණන පාලක ජනරාල් හර්ෂ ඉලූක්පිටිය මහතා පවසයි.
ඩයනා ගමගේ මහත්මිය ශ්‍රී ලාංකික පුරවැසියකු නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමත් සමඟ ඇයට ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රය තවදුරටත් පාවිච්චි කළ නොහැකි බැවින් එය සිය දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙස ලිඛිතව දැනුම් දුන් බවත් ඒ අනුව මීට දින දෙකකට පමණ පෙර එම විදේශ ගමන් බලපත්‍රය තමන් වෙත බාර දුන් බවත් ඉලූක්පිටිය මහතා කීය.
ඩයනා ගමගේ මහත්මියට මේ වන විට විදේශ ගමන් තහනමක් ද පනවා ඇති බැවින් ඇයට ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රය ප්‍රයෝජනයට ගැනීමේ හැකියාවක් නොමැති බව ද හර්ෂ ඉලුක්පිටිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඩයනා ගමගේ මහත්මිය ශ්‍රී ලංකා පුරවැසියකු නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය මෙම මස 8 වැනිදා තීරණය කිරීමත් සමඟ ඇයට ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය භාවිතා කිරීමට නොහැකි තත්වයක් ඇති විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊයේ සති අග අරුණ පුවත්පතට අනුව වැරදි විදිහට මේ විදේශ ගමන් බලපත්‍රය දී ඇත්තේද හර්ෂ ඉලුක්පිටිය කියන නිලධාරියාමයි.
අර හංගගෙන ඉන්න බ්‍රිතාන්‍යයේ පාස්පෝට් එක එළියට ගන්න, ඒකෙන් තමන්ගේ රටට යන්න හැබැයි රටට කරපු වංචාවට සහ අලාභයට සුදුසු වන්දි සහ සිරදඬුවම් විඳලා. පොඩි ලියවිල්ලක් ව්‍යාජ බව ඔප්පු වුණොත් බුරාගෙන පනින බලධාරීන් මේ වෙලාවේ නැට්ට පස්ස පැත්තෙ ගහගෙන, ඉලුක්පිටිය ලියුම් යවල ඒක ගෙන්නව ගන්න තරමට නිවට වෙලා.
දැන්ද මේ කරුණූ වැටෙහෙන්නේ?
රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය/නිල ගමන් බලපත්‍රය ගැන කුමක් කිව හැකිද? ඉලුක්පිටිය මහත්තයා ඒ ලියවිල්ලත් එකතු කරනවා.
හොඳ වැඩේ...!
දොයි දොයි දොයි දොයිය බබා... ඉලුක්පිටිය දොයිය බබා, නාඩා නිදියන්න පුතා.... ඉලුක්පිටිය තොත්ත බබා...
ඩයනා ගේ හිස බූ ගා රටෙන් පලවා හැරිය යුතුයි ,ආයේ SL පැත්ත පළාතේ එන්න දෙන්නේ නැතුව