( ශාන්ත චන්ද්‍රසිරි )

තලවකැලේ, ඉහල කොත්මලා ජලාශයේ පාවෙමින් තිබියදී පාසල් සිසුවියකගේ  සිරුරක් සොයා  ගත්බව තලවකැලේ පොලීසිය පවසයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ තලවකැ‌ලේ, රත්නිල්ලකැලේ  පදිංචිව සිටි පෙරියසාමි දිලුක්ෂිණා  (18) නැමැති  පාසල් සිසුවියකි.

උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා නිවසේ සිට මෙම සිසුවිය පාඩම් කටයුතුවල නිරතව සිට ඇති බවත්,  ඉකුත්   (18) දින රාත්‍රීයේදීත්  නිවසේ අධ්‍යාපන කටයුතුවල නිරතව සිට ඇති  බවට  පොලීසිය සිදු කරන ලද මුලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

නිවසේ පාඩම් කරමින් සිටි දියණිය උදෑසන බලන විට  නිවසේ නොසිටි බවට    ඇයගේ පියා විසින්  පොලීසියට  පැමිණිල්ලක්  කර තිබු බවද  පොලීසිය සඳහන් කරයි.