IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කඩා වැටුණු හෙලිකොප්ටරයේ සුන්බුන් හමුවෙලා ?

අතුරුදන් වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ගමන් කළ හෙලිකොප්ටරයේ සුන්බුන් සොයා ගැනීමට, සෝදිසි මෙහෙයුම් සිදු කරන නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් සමත් වූ බව විදෙස් මාධ්‍ය පවසයි.

මේ වනවිට කණ්ඩායම් 73 ක් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු බවට සැක කෙරෙන කදුකර ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම්වල නියැලෙයි. ඝන මීදුම එම මෙහෙයුම්වලට බාධාවක් වී ඇත. හෙලිකොප්ටරය කඩා වැටෙන්න ඇත්තේ ද මෙම ඝන මීදුම නිසා යැයි පැවැසෙයි.

දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් සිදුවන්නේ ඉරාන රතු අඩකව සංවිධානය සහ ඉරාන හමුදාව එක් වෙමිනි. තුර්කියෙන් තමන්ට ලැබුණු ඩ්‍රෝන යානායකට කඩා වැටුණු බව සැක කෙරෙන හෙලිකොප්ටරයේ සුන්බුන් හමුවුණු බව ඉරාන රතු අඩකව සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ඉරාන රජය කිසිවක් පවසා නැත.

මේ අතර ඉරාන රජය ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත්තේ අතුරුදන් වුණු ජනාධිපතිවරයා සහ පිරිස වෙනුවෙන් යාඥා කරන ලෙසටය.

රුසියාව, චීනය සහ ගල්ෆ් සහයෝගීතා සංවිධානය ද ඉරාන ජනාධිපතිවරයා විපතට පත්වීම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කර ඇතැයි ද පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (1)

කඩා වැටුණු හෙලිකොප්ටරයේ සුන්බුන් හමුවෙලා ?

ලුම්බිණි Monday, 20 May 2024 08:23 AM

ඒ අතරේ අපේ ඉරාන තානාපති මිනිස්සු එක්ක ගහ ගන්නවා.

:       21       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 113 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site