
(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තුවේ භෝජනාගාර අංශයෙන් දෙන කෑම කිසිම ගුණාත්මකභාවයක් නැතැයි මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයාට පැමිණිලි කර ඇත.
ඔවුන් මෙසේ පැමිණිලි කර ඇත්තේ පසුගිය 10 වැනිදා පැවැති පාර්ලිමේන්තු ගෘහ කාරක සභා රැස්වීමේදීය. අයකරන මුදලට හෝ සරිලන කෑම අනුභව කළ හැකි ආහාර වේලක් දෙන ලෙසට මන්ත්‍රීවරුන් එහිදී වැඩිදුරටත් ඉල්ලා ඇත.
මෙහිදී කතානායකවරයා මන්ත්‍රීවරුන්ගෙන් අයකරන මුදලට සරිලන හොඳ කෑම වේලක් දෙන ලෙස පාර්ලිමේන්තු භෝජනාගාර අංශයේ ප්‍රධානියාට නියෝග කර ඇත.
මේ අතර මන්ත්‍රීවරුන් විස්සකට ආසන්න පිරිසක් පාර්ලිමේන්තු භෝජනාගාර අංශයෙන් කාලයක සිට ආහාර ගැනීමෙන් වැළකී සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ අතර ආහාර හා පාන සඳහා පාර්ලිමේන්තුව වාර්ෂිකව රුපියල් කෝටි දොළහක පමණ මුදලක් වැය කරන බව පාර්ලිමේන්තු මූල්‍ය නිලධාරීන් ගණන් බලා ඇත. මින් වැඩි මුදලක් වැය කෙරෙන්නේ පාර්ලිමේන්තුවේ සේවකයන්ගේ ආහාර වේල් සඳහා යැයි පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙදරින් ගෙනත් කන්න බැරි නම් එළියට ගිහින් කන්න කියන්න
හොරාකාලා කාපු විදියට කෑම රස නැතුව ඇති .ගෙදරින් කෑම එකක් ගෙනත් කෑවනම් ඉවරයි නේ?
සමහරු ඉන්නවා පුන්නක්කු, තණකොළ වගේ ඒවාට පුරුදුවෙලා, එහෙම අයට බත් එළවළු, මස් මාංශ දීලා හරියන්නේ නැහැ. ඒ ගැනත් අංශ ප්‍රධානියා සැලකිලිමත් විය යුතුයි.
පාර්ලිමේන්තුවේ භෝජනාගාර අංශයෙන් දෙන තණකොළ සහ පුණ්ඥක්කු ගව ආහාරවල ගුණාත්මකභාවයක් නැතැයි මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයාට පැමිණිලි කර ඇත.
මේ තණකොළ, පුන්නක්කු කකා දියවන්නාවේ වතුර බොන අයට රටේ ජනතාව කන බොන "ගුණාත්මක ආහාර පාන" ගැන ඉරිසියාවක් ඇතිවෙලා වගෙයි...!! කතානායකවරයාත්, කෑම ගැන පරීක්ෂණයක් කරලද හොඳම හොඳ තරුපහේ කෑමබීම මොවුන්ට කවන්න කියා පාර්ලිමේන්තු කෝකියාට අණ කළේ...
ජනමාධ්‍යත් දැන් බලනකොට තැපැල් කන්තෝරුව වගේ. කිසිම පර්යේෂණාත්මක ජනමාධ්‍ය කලාවක් දකින්නට නැත.
කතානායකවරයාට ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කිරීමට කැමතියි.දියවන්නාවේ ගොන් රැල 1. දවසකට කී පාරක් කන්න දෙනවද ? 2. මුන්ට කවන්නේ මොනවද ? 3.එම කෑම වට්ටෝරු (MENU])ප්‍රසිද්ධ කරන්න පුලුවන්ද ? 4.මුන්ට පොවන මද්‍යසාර ඇතුළු බීම ජාති මොනවද ?පුලුවන්නම් මේවට උත්තර දෙන්න !
රටත් කාලා මදිවෙලා දැන් කියනවා කෑම හොඳ නැහැ කියලා, නොදෝමකින් විතරක් , ඔය 225 ටම ලේ බඩ ගිහිල්ලා මැරෙන්න ඕනා.