
( ප්‍රසාද් රුක්මල් )
කුඹුක්කන් ඔයේ දියනෑමට ගොස් ඝාතනයට ලක්වූ බව සැකකෙරෙන දෙදරු මවකගේ මළසිරුරක් ලුණුගල කුබුක්කන් ඔයේ තිබියදී හමුවූ බව ලුණුගල පොලිසිය පවසයි .
ලුණුගල ජනතාපුර තුබහිටියවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි වර්ණසූරියගේ සුමිත්‍රා දමයන්ති (36) නැමති දෙදරු මවක් මෙසේ ඝාතනයට ලක්වී ඇතැයි පොලිසිය පැවසීය.
මැය සිය නිවස අසල පහලින් පිහිටි කුඹුක්කන් ඔයේ දියනෑමට ඊයේ (19) පස්වරුවේ ගොස් ඇති බවත් , එම අඅවස්ථාවේ ඇයගේ 17 හැවිරිදි දියණිය සහ 12 හැවිරිදි පුතා නිවසේ සිට ඇති බවත් පොලිසිය පැවසීය .
අදියනාමින් සිටියදී කිසිවෙකු මැයට පහරදී ඝාතනය කර ඇති බවත් , මළසිරුර කුඹුක්කන් ඔයේ මුනින් අතට හැරී වැටී තිබියදී සොයාගත් බවත් පොලිසිය පැවසිය.
ඇයගේ මුහුණට , හිසට නළලට බරපතළ තුවාල සිදු ව තිබූ බවත් මුඛයේ දත් කීපයක් කැඩි ගොස් තිබිණැයි පොලිසිය සදහන් කළේය
ඝාතනයෙන් අනතුරුව රියදුරෙකු ලෙස රැකියාව කරන මැයගේ සැමියා ප්‍රදේශයේන් පලාගොස් ඇති බවත් , ඔහු විසින් මෙම ඝාතනය සිදු කරන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd