
(අංජුල මහික වීරරත්න)
මෙවර යල කන්නයේ දී දිස්ත්‍රික්ක 15ක වී වගාවේ පළිබෝධ නාශක ඉසීම ඩ්‍රෝන තාක්ෂණය යොදාගනිමින් සිදු කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ඒ අනුව හම්බන්තොට, මොණරාගල, අම්පාර, මඩකලපුව, පොලොන්නරුව,අනුරාධපුර, කුරුණෑගල, පුත්තලම, මන්නාරම, වවුනියාව, කිළිනොච්චිය, නුරවඑළිය, මාතලේ, ත්‍රිකුණාමලය හා ගම්පහ යන දිස්ත්‍රික්කවල වී වගාව සඳහා මෙවර යල කන්නයේ දී ඩ්‍රෝන තාක්ෂණය යොදාගනිමින් පළිබෝධනාශක ඉසීමට සැළසුම් කර තිබේ.
මේ වනවිට මෙම සෑම දිස්ත්‍රික්කයකම ගොවි ජන සේවා මධ්‍යස්ථාන සඳහා ඩ්‍රෝන යානා එකක් බැගින් ලබා දීමට කෘෂි ආංශික තාක්ෂණික සභාව විසින් කටයුතු යොදා ඇතැයි එහි සභාපති කාවින්ද දිසානායක මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි... දැන් උඩින් ඇවිත් දාපුවාම පලිබෝධ නාශක විස රහිත වෙනවද? අපිට නේද ඕවා කන්න වෙන්නේ?