
(සුමිත් පොතුපිටිය)
හොරණ ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේ දී පසුගිය 5 වැනිදා ව්‍යාපාරිකයෙකුට වෙඩිතැබීම සිදුකළ වෙඩික්කරු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, කොට්ටාව ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි 31 හැවිරිදි පුද්ගලයෙකු බවත්, ඔහු යුද හමුදාවෙන් පලාගිය සෙබළෙකු බවත් පොලිසිය පැවසීය .
සැකකරු කලක් යුද හමුදාවේ 5 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ හිටපු සෙබළෙකු බවද සඳහන්වේ.
දින ගණනාවක් මුළුල්ලේ සිදුකල දුරකථන විශ්ලේෂණ වාර්තා නිරීක්ෂණ වලින් පසු අනාවරණය වූ තොරතුරු මත සැකකරු අත්අඩංගුවට ගත්බව පොලිසිය සදහන් කරයි.
සැකකරු පදිංව්ව සිටී කුලී නිවසේ සිට වෙනත් ප්‍රදේශයක පදිංචියට යාමට සූදානම්ව සිටියදී අත්අඩංගුවට ගත්බව වැටලීමට එක්වූ නිළධාරීයෙක් සදහන් කලේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd