ජනාධිපති රෝහල්ගතව සිටියදී ඇල්ජීරියාවේ ඡන්දය ඇරඹෙයි ඇල්ජීරියාවේ ජනමත විචාරණය අද (01) ආරම්භ විය. මෙම ජනමත විචාරණය පැවැත්වෙන්නේ එරට ජනාධිපති අබ්දෙල්මජීඩ් ටෙබ්බෝන් ජර්මනියේ රෝහල්ගතව සිටියදී ය. 01 November 2020
පෘතුගාලයට - ඔස්ට්‍රියාවට දැඩි සීමා පැනවේ කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීම සඳහා ඔස්ට්‍රියාව හා පෘතුගාලය නව සීමා පනවා තිබේ. 01 November 2020
ඇමෙරිකාවෙන් පැය 24ට ආසාදිතයන් 100,000ක් ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ලොවපුරා පැතිර යෑමට පටන් ගැනීමෙන් අනතුරුව පැය 24ක් ඇතුළත වයිරස ආසාදිතයන් 100,000 ඉක්මවා වාර්තා වූ පළමු රට බවට ඇමෙරිකා එක්සත් ජනපදය පත්ව ඇත. 01 November 2020
බ්‍රිතාන්‍යයත් අගුළු දමයි ඉදිරියේ ඇති විය හැකි ව්‍යවසනකාරී තත්ත්වයකින් රට මුදාගැනීම සඳහා සති හතරක කාලයකට රට වසා දමන බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඊයේ (31) පස්වරුවේ නිවේදනය කළේය. 01 November 2020
’’ගෝනි’’ සුළි කුණාටුවෙන් පිලිපීනයේ හතරදෙනකු මරුට පිලිපීනයේ ප්‍රධාන දූපත වන ලුසෙන්හි දකුණු ප්‍රදේශය හරහා හමාගිය දරුණු සුළිකුණාටුවක් හේතුවෙන් හතරදෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. 01 November 2020
සුප්‍රකට නළු ෂෝන් කොනරි මියයයි ජේම්ස් බොන්ඩ්ගේ චරිතය නිරූපණය කරමින් ලොව පුරා ප්‍රසිද්ධියට පත්වූ ස්කොට්ලන්ත ජාතිකයකු වන හොලිවුඩ් නළු ෂෝන් කොනරි මියගොස් ඇතැයි වාර්තා වේ. මියයන විට ඔහු 90 හැවිරිදි වියේ පසුවිය. 01 November 2020
තුර්කි භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 27ක් දක්වා ඉහළට ඒජියන් මුහුදේ ඊයේ(30) ඇතිවූ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ ගොස් තිබේ 31 October 2020
බෙල්ජියම අඟුළු දමයි කොරෝනා රෝගීන් විශාල වශයෙන් වාර්තා වීම හේතුවෙන් බෙල්ජියම සම්පූර්ණයෙන්ම අගුළු දැමීමට තීරණය කර ඇතැයි එරට රජය නිවේදනය කර තිබේ. 31 October 2020
භූ කම්පනයකින් තුර්කියට සහ ග්‍රීසියට දැඩි හානි ඒජියන් මුහුදේ අද (30) සිදුවූ රිච්ටර් මාපාංක 7.0 ක ප්‍රභලත්වයකින් යුත් භූ කම්පනයකින් ග්‍රීසියේ සහ තුර්කියේ අට දෙනකු මියගොස් බොහෝ අලාභ හානි සිදුවී තිබේ. 30 October 2020
ඇමෙරිකාවේ මිලියන 80ක් දැනටමත් ඡන්දය ප්‍රකාශ කරලා ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලෝරීඩා විශ්වවිද්‍යාලයේ, ඇමෙරිකා එක්සත් ජනපද මැතිවරණ ව්‍යාපෘතියේ දත්ත ගණනය කිරීම්වලට අනුව ඊයේ (29) වනවිට ඇමෙරිකානුවන් මිලියන 80ක් ඡන්දය ප්‍රකාශ කර ඇත. 30 October 2020
ඉන්දියාවේ ආසාදිතයන් ගණන මිලියන 8 ඉක්මවයි ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන අද (29) මිලියන අට ඉක්මවා ගියේය. 29 October 2020
වියට්නාමයේ නායයෑමකින් 19 ක් මියයති වියට්නාමයේ සිදුවූ නායයෑමකින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබේ. තවත් බොහෝ පිරිසක් අතුරුදන් වී ඇති බව එරට බලධාරීහු පැවසූහ. 29 October 2020
ප්‍රංශයේ දේවස්ථානයකදී පිහියකින් ඇන තිදෙනෙකු ඝාතනය කෙරේ ප්‍රංශයේ නයිස් නගරයේ නොත්‍ර - දාම් බැසිලිකා දේවස්ථානයේ දී පුද්ගලයකු විසින් පිහියකින් ඇනීමෙන් තිදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 29 October 2020
ඇමරිකාව - ඉන්දියාව ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරයි සංවේදී චන්ද්‍රිකා දත්ත හුවමාරු කර ගැනීම සඳහා ඉන්දියාව සහ ඇමරිකාව යුධමය ගිවිසුමක් අත්සන් කර ඇතැයි බීබීසී පුවත් සේවය පවසයි. 27 October 2020
පකිස්ථානයේ පාසලක පිපිරීමකින් 7ක් මරුට පකිස්ථානයේ උතුරු දිග පෙෂවර් නගරයේ ආගමික පාසලක සිදුවූ බෝම්බ පිපිරීමකින් 07 දෙනකු මියගොස් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇත. 27 October 2020
රුසියාවේ නැවතත් දැඩි සීමා දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩිවීමත් සමඟ කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා තිබෙන සීමා දැඩි කිරීමට රුසියාව අද (27) පියවර ගත්තේ ය. 27 October 2020
ඉන්දියාවේ කොරෝනා මරණ අඩුවෙයි පසුගිය සතියේදී දෛනිකව වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන අඩු වී ඇතැයි ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. 26 October 2020
ඉරානයේ සෑම විනාඩි 5කටම එක් කොරෝනා මරණයක් ඉරානයේ මේ වනවිට කොරෝනා රෝගීන් 300ක් පමණ දිනකට මියයන බව සෞඛ්‍ය බලධාරීහු පවසති. ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ සෑම විනාඩි පහකටම එක් පුද්ගලයෙකු මරණයට පත්වන බවයි. 26 October 2020
ස්පාඤ්ඤය හදිසි නීතිය පනවයි : රටටම ඇඳිරි නීතිය නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ල පාලනය කිරීමේ අරමුණින් ස්පාඤ්ඤය ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර රටටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා ඇත. 26 October 2020
දෛනිකව වාර්තා වන ගෝලීය ‘කොවිඩ්-19’ ආසාදිතයන්ගේ වාර්තා ගත වැඩි වීමක් අඛණ්ඩව තෙවැනි දිනටත් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම කොරෝනා වයිරස ආසාදිතයන් සෙනසුරාදා දිනයේදී වාර්තා වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අද (25) නිවේදනය කළේය. 25 October 2020
සීෂෙල්ස් ජනපතිවරණයේ ජය විපක්ෂයේ අපේක්ෂක රාම්කලවාන්ට සීෂෙල්ස්හි ජනාධිපතිවරණයෙන් විපක්ෂයේ අපේක්ෂක වේවල් රාම්කලවාන් මහතා ජයග්‍රහණය කර තිබේ. 25 October 2020
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නව කාදිනල්වරුන් 13 දෙනකු නම්කරති ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් නව රෝමානු කතෝලික කාදිනල්වරුන් 13 දෙනකු අද (25) නම්කරන ලදී. 25 October 2020
ඇමෙරිකානු උප ජනාධිපතිගේ කාර්යමණ්ඩල ප්‍රධානියාට කොරෝනා ඇමෙරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති මයික් පෙන්ස්ගේ කාර්යමණ්ඩල ප්‍රධානියාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. 25 October 2020
ඇෆ්ගනිස්ථානයේ බෝම්බ පිපිරීමකින් 18ක් මරුට ඇෆ්ගනිස්ථානයේ අගනුවර වන කාබුල්හි අධ්‍යපන ආයතනයක් ආසන්නයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 18 දෙනකු මියගොස් 57 දෙනකු තුවාල ලබා ඇත. 25 October 2020
’ලබන වසර මැද වන තෙක් ප්‍රංශයේ කොරෝනා පවතිවි’ ලබන වසර මැද වන තෙක් ප්‍රංශයේ කොරෝනා පවතිනු ඇතැයි ජනපතිවරයා කියයි. 24 October 2020
පසුගිය පැය 24 තුළ ඇමෙරිකාවෙන් ආසාදිතයින් 84,218ක් පසුගිය පැය 24 තුළ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් කොරෝනා රෝගීන් 84,218ක් වාර්තා වී ඇතැයි රොයිටර් පුවත් සේවය පවසයි. 24 October 2020
කොරෝනා නීති කඩකළ සෞඛ්‍ය ඇමතිට අස්වෙන්න කියයි චෙක් රාජ්‍යයේ අග්‍රාමාත්‍ය ඇන්ඩ්‍රෙස් බබිස් සිය සෞඛ්‍ය අමාත්‍යවරයාට ධූරයෙන් ඉවත්වන ලෙස නියෝග කර තිබේ. 24 October 2020
චීනයෙන් එන සුළඟින් කොරෝනා පැතිරෙතැයි උතුරු කොරියාව බිය වෙයි චීනය දෙසින් හමා එන කහ පැහැති දූවිලි සුළඟින් කොරෝනා වයිරසය ගෙන එනු ඇතැයි යන බිය නිසා ගෘහස්ථව රැඳී සිටින ලෙස උතුරු කොරියාව එරට වැසියන්ට අනතුරු අඟවා තිබේ. 23 October 2020
ස්පාඤ්ඤයේ ආසාදිතයන් මිලියනය ඉක්මවයි නව කොරෝනා වයිරස ආසාදිතයන් මිලියනය ඉක්මවූ පළමු බටහිර යුරෝපීය රට බවට ස්පාඤ්ඤය පත්ව ඇත. 23 October 2020
ආසාදිතයන්ගෙන් යුරෝපයේ රෝහල් පිරෙයි කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලත් සමඟ වයිරස ආසාදිතයන්ගෙන් යුරෝපයේ රෝහල් පිරී යමින් තිබෙන බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. 23 October 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026