IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


කාශ්මීර නායකයන් හමුවෙන්න මෝදි සූදානම්

ඉන්දු කාශ්මීරයේ සියලු දේශපාලන පක්ෂ නායකයන් නවදිල්ලියට කැඳවා, ඔවුන් සියලු දෙනා සමඟ සාකච්ඡා පැවැත්වීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සූදානම් වෙයි.

ඒ අනුව, ඉන්දීය මධ්‍යම රජය එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එරට පාලනය යටතේ තිබෙන කාශ්මීර ප්‍රදේශයට ලබා දී තිබූ විශේෂ තත්ත්වය ඉවත් කිරීමෙන් පසු, කාශ්මීර දේශපාලන නායකයන් හමුවී පවතින දේශපාලන අර්බුදවලට විසඳුම් සෙවීමට අග්‍රාමාත්‍ය මෝදි උත්සාහ ගන්නා පළමු අවස්ථාව මෙය ලෙස සැලකෙයි.

ඉන්දීය මධ්‍යම රජය එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එරට පාලනය යටතේ තිබෙන කාශ්මීර ප්‍රදේශයට ලබා දී තිබූ විශේෂ තත්ත්වය ඉවත් කළේ 2019 අගෝස්තු මාසයේය. ඒ, ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වගන්තිය අහෝසි කිරීමෙනි.

370 වගන්තිය යටතේ මුස්ලිම් බහුතරයක් වෙසෙන කාශ්මීර ප්‍රාන්තයට විශේෂිත ස්වයං පාලනයක් ලබා දී තිබුණු අතර ඉන්දීය මධ්‍යම රජය එය අහෝසි කළේය. ඉන්පසු මාස ගණනක් ඇඳිරි නීතිය පනවමින්, අන්තර් ජාල සේවා සහ දුරකතන සේවා අත්හිටුවමින් කාශ්මීර වැසියන් දැඩි මර්දනයකට ලක් කළේ ඔවුන් මධ්‍යම රජයට එරෙහිව කැරැලි ගසනු ඇතැයි බියෙනි.

ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිගේ භාරතීය ජනතා පක්ෂ රජය පෙන්වා දී ඇත්තේ කාශ්මීර ප්‍රාන්තය සමෘද්ධිමත් කිරීමටත්, කාශ්මීර මුස්ලිම් වැසියන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමත් කළ හැක්කේ එම ප්‍රාන්තය ඉන්දීය රජය යටතේ පාලනය වන්නේ නම් පමණක් කියාය.

නවදිල්ලියේදීය (ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)



අදහස් (0)

කාශ්මීර නායකයන් හමුවෙන්න මෝදි සූදානම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 884 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 381 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site