පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට, ව්‍යාජ කොරෝනා වාර්තා ලබා දෙමින්, වෛද්‍ය නිවාඩු අනුමත කර ගැනීමටත්, සෞඛ්‍ය රක්ෂණ මුදල් ලබා ගැනීමටත් උදව් කළ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බුග්දානා දිස්ත්‍රික්කයේ වෛද්‍ය නිලධාරියකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව එන්.ඩී.ටීවී. පුවත් සේවය වාර්තා කරයි.
මෙම වෛද්‍ය නිලධාරියා මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ කම්ගොන් නගර මහ රෝහලේ කොන්ත්‍රාත් පදනම මත සේවය කළ අයෙකු බවත්, ව්‍යාජ වාර්තා සකස් කරදීමට ඔහු විශාල මුදලක් ලබාගෙන ඇති බවත් පොලිසිය කළ විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
වෛද්‍ය නිලධාරියා, කොරෝනා 'පොසිටිව්' රෝගීන්ගේ පී.සී.ආර්. වාර්තා යොදා ගනිමින් පෞද්ගලික සමාගම්වල සේවක සේවිකාවන්ට ඔවුන්ගේ අවශ්‍යතාවට අනුවථ ව්‍යාජ වාර්තා සකස් කර දී ඇත.
මෙම ජාවාරම සම්බන්ධයෙන් සුලමුල අනාවරණය වූයේ, කම්ගොන් මහ රෝහලේ වෛද්‍යවරයකුට ඒ සම්බන්ධයෙන් සැකයක් මතුවී ඔහු ඒ බව පොලිසියට දැනුම්දීමත් නිසාවෙනි.
'කොවිඩ් 19' වසංගතය මුල්කොට ගනිමින්, ඉන්දියාවේ නොයෙක් ජාවාරම් සිදුවන බව වාර්තා වේ. සේලයින් සහ ප්‍රතිජීවක ඖෂධ දියර පුරවා 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් අලෙවි කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් විස්තර ඉකුත් සතියේ අනාවරණය විය.
ඊට අමතරව, පී.සී.ආර්. පරීක්ෂණ සඳහා භාවිතයට ගන්නා නාස් කූරු මෙන්ම එන්නත් විදීමෙන් පසු ඉවත ලන එන්නත් කටු ද යළි භාවිතයට ගැනීම සම්බන්ධයෙන් ද පෞද්ගලික රෝහල්වල කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ පුවතක් ද ඉන්දියාවෙන් වාර්තා වී තිබේ.
මුම්බායිහිදීය (එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
689
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2359
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොරෝනා ’පොසිටිව්’ කිරීමේ ජාවාරමක්