IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවා වසර 100 යි

චීනයට නායකත්වය ලබා දෙන චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවා අද (1) ට වසර 100 ක් සපිරේ.

චීන කොමියුනිස්ට් පක්ෂය 100 වැනි සංවත්සරය නිමිත්තෙන්, බෙයිජිං අගනුවර ටියැන්අන්මෙන් චතුරශ්‍රයේදී ප්‍රධාන සැමරුම් උත්සවය පැවැත්වූයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, මධ්‍යම හමුදා කොමිසමේ සභාපති මෙන්ම චීන ජනාධිපතිවරයා ද වන ෂී ජින්පිංගේ ප්‍රධානත්වයෙනි.

දේශීය මෙන්ම විදේශීය වශයෙන් ද චීන කොමියුනිස්ට් පක්ෂයට එල්ල වන අභියෝග ජය ගනිමින් ඉදිරියට පිය නගන බවත්, කිසිවකුගේ තර්ජනවලට හෝ මැරකම්වලට හෝ හිස නොනමන බවත්, සැමරුම් උත්සවය අමතමින් චීන ජනාධිපතිවරයා අවධාරණය කළේය.

විවිධ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ, සමස්ත චීන කර්මාන්ත හා වාණිජ සම්මේලන හා නිර්පක්ෂ නියෝජිතයන් ඒකාබද්ධව ජනාධිපති ෂී ජින්පිං ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයට සුබ පැතූ බව ද එරට මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

චීන කොමිනියුස්ට් පක්ෂයේ තරුණ ලීගය සහ යොවුන් ඉදිරි පෙළේ නියෝජිතයෝ සමූහයක් වශයෙන් සුබ පැතුම් පිරිනැමීමට ටියැන්අන්මෙන් චතුරශ්‍රයේදීට පෙළ ගැනී සිටියහ.

ඊට අමතරව, චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයෝ මෙන්ම චීන වැසියන් 70,000 කට අධික පිරිසක් ද සැමරුමට සහභාගී වූහ.

බෙයිජිංහිදීය (රොයිටර්)



අදහස් (0)

චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවා වසර 100 යි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 689 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2359 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1732 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site