පිලිපීනයේ හිටපු ජනාධිපති බෙනිග්නෝ අකිනෝ දිවියෙන් සමුගත්තේය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 61 කි.
පිලිපීනයේ වත්මන් ජනාධිපති වන රොඩ්රිගෝ ඩුටර්ටේ ට පෙර ජනාධිපති ධුරය හෙබවූයේ අකිනෝය. අකිනෝ පිලිපීනයේ 15 වැනි ජනාධිපතිවරයාය. වකුගඩු රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගිය මාස කිහිපය පුරාවට අකිනෝ පීඩා වින්දේය. එපමණක් නොව, ඔහුට හදවත් සැත්කමක් ද සිදු කෙරුණි.
අකිනෝගේ අභාවය සම්බන්ධයෙන් රටවල් රැසක් ශෝඛ පණිවුඩ නිකුත් කර ඇත. එසේ ශෝඛ පණිවුඩ නිකුත් කළ රටවල් අතර ඉදිරියෙන් පසුවන්නේ ජර්මනියයි. පිලිපීනය සහ ජර්මනිය අතර වසර ගණනක් තිස්සේ බිඳ වැටී තිබුණු සබඳතා යළි ශක්තිමත් කර ගැනීමට අකිනෝ සමත් වීම ඊට හේතුවය.
මැනිලා නුවරදීය (රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd