IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකන් හිටපු ආරක්ෂක ලේකම් මියයයි

ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හොබවද්දී, ඔහුගේ පරිපාලනයේ ආරක්ෂක ලේකම් (ඇමැති) ලෙස කටයුතු කළ ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ් අභාවප්‍රාප්ත වූ බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 88 කි.

ඇමෙරිකන් ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ ආරක්ෂක ලේකම් ලෙස, ඇමෙරිකාව ඉරාකයට පහර දිය යුතු බවත්, ඇෆ්ගනිස්තානයට පහර දිය යුතු බවත් අවධාරණය කරමින්, ජනාධිපති බුෂ් විදෙස් සංග්‍රාම සඳහා යොමු කළ තැනැත්තා වන්නේ රම්ස්ෆෙල්ඩ් ය.

රම්ස්ෆෙල්ඩ්, ජෝර්ජ් බුෂ්ගේ ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළේ 2001 සිට 2006 තෙක් කාලයේය.

ඊට පෙර, රම්ස්ෆෙල්ඩ් ඇමෙරිකන් ජනාධිපති ජෙරල්ඩ් ෆෝඩ් යටතේ 1975 සිට 1977 තෙක් කාලයේ ද ඇමෙරිකන් ආරක්ෂක ලේකම් ධුරය හෙබවීය. එදා ඇමෙරිකාවේ ආරක්ෂක ලේකම් ධුරයට පත් වුණු ළාබාලතම තැනැත්තා වූයේ ද රම්ස්ෆෙල්ඩ් ය.

වොෂින්ටනයේදීය (රොයිටර්)



අදහස් (0)

ඇමෙරිකන් හිටපු ආරක්ෂක ලේකම් මියයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 689 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2359 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1732 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site