දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් ගතවුණු දින පහ ඇතුළත කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයෙන් පමණක් මරණ 486 ක් වාර්තා වේ.
මේ බව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ බ්‍රිටිෂ් කොලොම්බියා මරණ පරීක්ෂකවරුන්ගේ සන්සදය මාධ්‍ය හමුවක් කැඳවමිනි.
පසුගිය සිකුරාදා (25) සිට මේ දක්වා මරණ 486 ක් සිදුවී ඇති බවත්, මරණවලට හේතුව අධික උණුසුම සිරුරට දරා ගැනීමට නොහැකි වීම බවත් බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රධාන මරණ පරීක්ෂක ලීසා ලැපොයිනේත් මාධ්‍ය හමුවේ පැහැදිලි කළාය. මරණයට පත්වුණු වැඩිදෙනා වැඩිහිටි පුද්ගලයන්ය.
වසර මැද උණුසුම් කාලගුණයක් අපේක්ෂා කරන නමුත් මෙවර අන් කවරදාටත් වඩා හිටිහැටියේ උණුසුම ඉහළ ගොස් ඇති බවත් එය සෘජුව කාලගුණ විපර්යාසවල අනිසි ප්‍රතිඵලයක් බවත් කැනඩා කාලගුණ විද්‍යාඥයෝ පෙන්වා දෙති.
වැන්කූවර් (රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd