උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ බර හිටිහැටියේ අඩුවී ඇති හෙයින්, උතුරු කොරියානු වැසියන් ඒ සම්බන්ධයෙන් කනස්සල්ලෙන් පසුවන බවත් එරට ජාතික රූපවාහිනී නාළිකාව පවසයි.
උතුරු කොරියා නායක 37 හැවිරිදි කිම් ජොන්, තරබාරු ශරීරයකට හිමිකම් කියන පුද්ගලයෙකි. මාස ගණනක නිහැඩියාවකින් පසු පසුගිය දා ඔහු සිද්ධියේ පෙනී සිටි අවස්ථාවේ ඔහුගේ බර අඩු වී ඇති බව බොහෝ දෙනාට දකින්න ලැබුණි. උතුරු කොරියානු ජනතාව තම ආදරණීය නායකයාගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් කනස්සල්ලට පත් වී ඇත්තේ ඒ නිසාය.
උතුරු කොරියා ජාතික රූපවාහිනිය නායක කිම් ජොන් උන්ගේ බර අඩුවීම සම්බන්ධයෙන් පැය 1/2 ක වාර්තා වැඩසටහනක් විකාශය කළේය. උතුරු කොරියානුවන් තම ආදරණීය නායකයා ගැන කම්පාවට පත් වී, කඳුළු සලමින් අදහස් දක්වන ආකාරය එම වැඩසටහන ඔස්සේ දකින්න ලැබුණි.
උතුරු කොරියාවේ ජාතික නාළිකාව ඔස්සේ විකාශය වන සියලු වැඩසටහන්වලට තේමා වන්නේ උතුරු කොරියා නායකයා සහ රජය ජනතාව වෙනුවෙන් ඉටු කරන මෙහෙවරය. කෙසේ නමුත් නායක කිම් ජොන් උන්ගේබර අඩුවීම සම්බන්ධයෙන් විශේෂ වාර්තා වැඩසටහනක් විකාශය වූ පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.
සෝල්හිදීය (ඒ.එෆ්.පී.)
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
කිම් ජොන් උන්ගේ බර අඩුවෙලා