ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී අතර හමුවක් ධවල මන්දිරයේදී පැවැත්විණි.
තලේබාන් සංවිධානය සමඟසාමකතා පවත්වන ඇෆ්ගන් රජයේ ජාතික සංහිඳියාව පිළිබඳ කවුන්සියලයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන අබ්දුල්ලා අබ්දුල්ලා ද මෙම අවස්ථාවට සහභාගී විය.
ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී, අබ්දුල්ලා අබ්දුල්ලා ඇතුළු එරට නායකයන් ධවල මන්දිරයට පැමිණ සිටියේ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ ඇරැයුමකට අනුවය.
ධවල මන්දිරයට පැමිණි පිරිස මහත් හරසරින් පිළිගැනීමට ඇමෙරිකන් ජනාධිපති බයිඩන් කටයුතු කළේය. ජනාධිපති අෂ්රාෆ් ඝානී සහ අබ්දුල්ලා අබ්දුල්ලා ඇමෙරිකන් ජනධිපති බයිඩන් හමුවී සාකච්ඡා පැවැත්වීම සිදුවූයේ ඕවල් කාර්යාලයේදීය.
මෙම සැප්තැම්බර් 11 වැනිදා වනවිට ඇෆ්ගනිස්තානයේ රඳවා සිටින ඇමෙරිකන් සොල්දාදුවන් සහ නේටෝ හමුදා සාමාජිකයන් ඉවත් කර ගන්නා බවට ජෝ බයිඩන් ප්‍රතිඥා දී ඇත. එම කටයුතු මේ වනවිටත් ආරම්භ වී තිබේ.
ඇමෙරිකාව, ඇෆ්ගන් රජය සහ තලේබාන් සංවිධානය අතර සාම සාකච්චා සර්ථක වී ඇති අතර, විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යා යුතුයැයි ඉල්ලා ඇත්තේ තලේබාන් සංවිධානයයි. ඇමෙරිකා රජය ඊට කැමැත්ත පළ කර තිබේ.
ඇෆ්ගනිස්තානයේ කටයුතු සිදුවිය යුත්තේ ඇෆ්ගන් ජනතාවගේ කැමැත්ත පරිදි යැයි ජනාධිපති අෂ්රාෆ් ඝානී සහ අබ්දුල්ලා අබ්දුල්ලා හමුවෙමින් බයිඩන් පැහැදිලි කළේය.
ඇමෙරිකන් සොල්දාදුවන් ඇෆ්ගනිස්තානයෙන් මුළුමනින්ම පිටවී ගියත්, ඇමෙරිකාව ඇෆ්ගනිස්තානයට ලබා දෙන ආධාරවල කිසිදු අඩුවක් නොවනු ඇතැයි ජනපති බයිඩන් සහතික විය.
වොෂින්ටනයේදීය (රොයිටර්)
2025 නොවැම්බර් මස 04
689
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2359
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇෆ්ගන් ජනාධිපති බයිඩන් හමුවෙයි