එක්සත් රාජධානිය හොංකොං සම්බන්ධයෙන් නිකුත් කළ සයමස් වාර්තාවට චීනයෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.
බ්‍රිතාන්‍ය හොංකොං සම්බන්ධයෙන් නිකුත් කරන ලද සයමස් වාර්තාවක් බවත් එය එරට අභ්‍යන්තර කටයුතුවලට කරන ලද අනවශ්‍ය ඇඟිලි ගැසීමක් යැයි ද චීනය අවධාරණය කරයි.
හොංකොං යනු බ්‍රිතාන්‍යයේ කොලනියක්ව පැවැති ප්‍රදේශයකි. චීනයේ ක්‍රියාකාරකම් හොංකොං හි ඉහළ ස්වයං පාලනය උල්ලංඝණයක් කිරීමක් බවත් ගෝලීය මූල්‍ය කේන්ද්‍රස්ථානයක් වන හොංකොං හා නිදහස දැඩි ලෙස සීමා කිරීමක් බවත් බ්‍රිතාන්‍ය පෙන්වා දී ඇත.
චීනය සිය නව ජාතික ආරක්ෂක නීතිය භාවිත කරමින් හොංකොංහි මර්දනයක් ක්‍රියාත්මක කර ඇතැයි බ්‍රිතාන්‍ය සඳහන් කරයි.
චීනය ජාතික ආරක්ෂක නීතිය භාවිත කිරීමෙන් හොංකොං සම්බන්ධයෙන් වන ඔවුන්ගේ වන නිත්‍යනුකූල බැඳීම උල්ලංඝණය කර ඇතැයි ද බ්‍රිතාන්‍ය කියයි.
“එක්සත් රාජධානියට හොංකොං දිවයින අධීක්ෂණය කිරීමට කිසිදු පරමාධිපත්‍ය හෝ අධිකරණ බලයක් නැහැ. ඔවුන්ට එවැනි හිමිකමක් නැහැ. චීන රජය හොංකො පාලනය කරන්නේ චීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ හොංකො විශේෂ පරිපාලන ප්‍රදේශයේ මූලික නීතියට අනුවයි. අපි හොංකොං පාලනය කරන්නේ චීන-බ්‍රිතාන්‍ය හවුල් ප්‍රකාශයට අනුව නෙවෙයි. චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වෙන්න කිසිදු විදේශයකට අවසරයක් නැහැ. එහෙම මැදිහත් වෙන්න මේ හවුල් ප්‍රකාශය නිදහසට කරුණක් ලෙස භාවිත කරන්නත් බැහැ” යැයි එක්සත් රාජධානියේ චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් කීය.
මෙම සයමස් වාර්තාව පසුගිය වසරේ (2020) ජූනි මස සිට දෙසැම්බර් මාසය දක්වා කාලය සලකා බලයි.
චීනය මෙම ජාතික ආරක්ෂක නීතිය හඳුන්වා දුන්නේ පසුගිය වසරේ දීය. චීනය මෙම නීතිය යොදාගනිමින් දේශපාලන විරෝධතා මැඩ පැවැත්වීමට පියවර ගත් බවත් විපක්ෂ ක්‍රියාකාරීන් මර්දනය කළ බවත් බ්‍රිතාන්‍යයේ විදේශ අමාත්‍ය ඩොමිනික් රාබ් පැවැසීය.
ඒ.එන්.අයි.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
චීනයෙන් දැඩි විරෝධයක්
නිමල් Saturday, 26 June 2021 02:44 PM
ස්වාධීන රාජ්‍යවලට හොට දැමීම එංගලන්ත සුද්දන්ගේ උපන් ගෙයි පුරුද්දක් ...