දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ජේකොබ් සූමා ට මාස 15 ක සිර දඩුවම් නියම විය. හිටපු ජනාධිපතිවරයාට සිර දඩුවම් නියම කළේ දකුණු අප්‍රිකාවේ ඉහළ ම අධිකරණය වන ව්‍යවස්ථා අධිකරණය මගිනි.
ජේකොබ් සූමා දකුණු අප්‍රිකාවේ ජනාධිපති ලෙස 2018 වසර තෙක් එම ධුරය හෙබවීය. සූමා ජනාධිපති ලෙස කටයුතු කළ සමයේ සිදුවූ බව පැවසෙන විවිධාකාරයේ දූෂණ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්වෙන අතර, ඊට ඉදිරිපත් වන්නැයි ව්‍යවස්ථා අධිකරණය දුන් නියෝගය නොසලකා හැරීම හේතුවෙන් ඔහුට මාස 15 ක සිරදඩුවම් නියම කෙරුණි.
අධිකරණ නියෝගය නොසලකා හැරීම, අධිකරණයට කළ අපහාසයක් යැයි විනිසුරුවරයා පෙන්වා දුන්නේය. පොලිසියට පැමිණ බාර වීමට හිටපු ජනාධිපතිවරයාට අධිකරණය දින 5 ක කාලයක් ලබා දුන් අතර, එසේ බාර නොවුණහොත් ඔහු වහා අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය පොලිසියට නියෝග කළේය.
79 හැවිරිදි සූමා, දකුණු අප්‍රිකාවේ 4 වැනි ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත්වූ ජනාධිපතිවරයාය. අප්‍රිකා ජාතික කවුන්සිලයට නායකත්වය දෙමින් 2009 ජනාධිපතිවරණයෙන් ජයගත් සූමා, 2018 පෙබරවාරි 14 වැනිදා තෙක් ජනාධිපති ධුරය හෙබවීය.
ජනාධිපති ධුරය හොබවද්දී බලතල අයථා ලෙස භාවිත කළේ යැයි චෝදනා රැසක් සූමාට එල්ල වී ඇති අතර, ඒ එක් එක් චෝදනා සම්බන්ධයෙන් වෙන වෙනම නඩු විභාග පැවැත්වෙයි.
ප්‍රිටෝරියාහිදීය (රොයිටර්)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
හිටපු ජනපති සූමාට මාස 15 ක සිරදඩුවම්
hesa Wednesday, 30 June 2021 01:30 PM
"අධිකරණ නියෝගය නොසලකා හැරීම, අධිකරණයට කළ අපහාසයක් යැයි විනිසුරුවරයා පෙන්වා දුන්නේය."අපේ රටෙත් එහෙම කෙනෙක් දැන් දඞුවම් ලබනවා...
Liyanage Thursday, 01 July 2021 06:36 AM
අපේ රටේ නම් මෙහෙම නැ හරි ෂෝක්