IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


’කොරෝනා වයිරසය’ උතුරු කොරියාවට රිංගලා

දේශසීමා වසා දමා දැඩි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම අනුගමනය කළත්, 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය, උතුරු කොරියාවට ව්‍යාප්ත වී ඇතැයි දකුණු කොරියානු මාධ්‍ය අද (30) වාර්තා කළේය.

උතුරු කොරියාව, දකුණු කොරියාවට, චීනයට සහ රුසියාවට ද මායිම් වෙයි. ඇමෙරිකන් සම්බාධක හේතුවෙන් උතුරු කොරියාව සමීප සබඳතා පවත්වන්නේ චීනය සමඟය.

'කොවිඩ් 19' වයිරසය ආරම්භ වූයේ චීනයෙනි. වයිරසයේ බිහිසුණු බව අවබෝධ කරගත් සැණින්, උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ උපදෙස් මත දේශසීමා වසා දැමුණි. ඒ, පසුගිය 2020 ජනවාරියේය.

දේශසීමා ආරක්ෂාවට හමුදාව යෙදවිණි. අනවරයෙන් දේශසීමා පසු කර උතුරු කොරියාව දෙසට ආ දකුණු කොරියානුවන් කීප දෙනකුට උතුරු කොරියා හමුදාව වෙඩි තැබීය. මරා දැමූ එම පුද්ගලයන්ගේ සිරුරු පවා එම ස්ථානයේදීම පුළුස්සා දැමීම කළ බව ද වාර්තා විය.

ඇමෙරිකාවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයත් උතුරු කොරියාවට සම්බාධක පනවා ඇත්තේ එරට 'හිතුවක්කාර' න්‍යෂ්ටික වැඩසටහන ලොවට තර්ජනයක් වී ඇති බැවිනි. සම්බාධක හේතුවෙන් උතුරු කොරියාවේ ඖෂධ හිඟයක් පවතී.

උතුරු කොරියාවේ ප්‍රමුඛත්වය හිමිවන්නේ එරට හමුදාවට සහ න්‍යෂ්ටික වැඩසටහනටය. උතුරු කොරියාව අභ්‍යවකාශ වැඩසටහන් පවා ආරම්භ කර තිබේ.

එසේ වුවත් උතුරු කොරියාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පවතින්නේ නොදියුණු මට්ටමකය. මේ වනවිට උතුරු කොරියානුවන් සාගතයකට මුහුණ පා සිටින බව ද පැවැසෙයි. දේශසීමා වසා දමා ඇති බැවින් චීනයෙන් හෝ රුසියාවෙන් හෝ ආධාර නොලැබෙන බව ද පැවැසෙයි. 'කොවිඩ් 19' වසංගත තත්ත්වයක් උතුරු කොරියාවේ ඇති වුවහොත් එය ඉතා බිහිසුණු වනු ඇතැයි ජගත් දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

දකුණු කොරියා මාධ්‍ය අද (30) වාර්තා කළ අන්දමට, උතුරු කොරියානු සෞඛ්‍ය බලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන්, වයිරසය උතුරු කොරියාවට ව්‍යාප්ත වී ඇත. ඒ බව දැනගත් සැණින්, රජයේ ඉහළ නිලධාරීන් කීප දෙනකු මෙන්ම සෞඛ්‍ය ප්‍රධානීන් කීප දෙනකු වහා ඔවුන්ගේ තනතුරුවලින් ඉවත් කිරීමට නායක කිම් ජොන් උන් කටයුතු කළ බව පැවැසෙයි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් උතුරු කොරියාව හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ මෙතෙක් කිසිවක් අනාවරණය කර නැත. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, උතුරු කොරියාවෙන් තවමත් කිසිදු කොරෝනා ආසාදිතයකු වාර්තා වී නැත. ලෝක සෞඛ්‍ය සංවිධානය, 'කොවිඩ් 19' වයිරස ව්‍යාප්තිය සම්බන්ධයෙන්, උතුරු කොරියානු සෞඛ්‍ය අංශ සමඟ සම්බන්ධ වී දෛනික දත්ත ලබා ගන්නා බව ද වාර්තා වේ.

සෝල් නුවරදීය (රොයිටර්)



අදහස් (0)

’කොරෝනා වයිරසය’ උතුරු කොරියාවට රිංගලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 689 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2359 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1732 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site