'කොවිඩ් 19' වයිරසයට එරෙහිව නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත් මිශ්‍ර කිරීමෙන්, වඩා හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට හැකි යැයි බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් නිකුත් කළ අධ්‍යයන වාර්තාවක දැක්වෙයි.
ඒ අනුව, 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නතින් පළමු මාත්‍රාව ලබා ගත් අයට දෙවැනි මාත්‍රාව ලෙස 'ෆයිසර්' හෝ 'මොඩර්නා' එන්නත් ලබා දීම සුදුසු බවත්, එසේ කිරීමේ දී 'කොවිඩ් 19' වයිරසයට එරෙහි සිරුරේ සාර්ථක ප්‍රතිශක්තියක් නිර්මාණය වන බවත් එම අධ්‍යයන වාර්තාවේ සඳහන් වෙයි.
'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නතේ මාත්‍රා දෙකම ලබා ගන්නවාටත් වඩා දෙවැනි මාත්‍රාව ලෙස 'ෆයිසර්' හෝ 'මොඩර්නා' එන්නත ලබා ගැනීමෙන්, වයිරසයට එරෙහිව නිපදවන ප්‍රතිශක්තිය වැඩිවන බවත්, විකෘති වයිරස ප්‍රභේදවලට පවා ප්‍රතිශක්තියක් නිර්මාණය වන බවත් ඔක්ස්ෆර්ඩ් වෛද්‍ය පර්යේෂකයන් වැඩි දුරටත් පෙන්වා දී ඇත.
යුරෝපා රටවල බොහෝ දෙනකුට පළමු එන්නත් මාත්‍රාව ලෙස ලබා දීම සිදුවූයේ 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නතය. මෙය ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් සහ 'ඇස්ට්‍රාසෙනකා' ඖෂධ නිෂ්පාදන සමාගම එක් වී නිපදවූ එන්නතය. ඉන්දියාවේදී 'කොවිෂීල්ඩ්' යන නමින් නිපදවන්නේ ද මෙම එන්නතය. ආසියා, අප්‍රිකා ඇතුළු රටවල් බොහොමයකට ඉන්දියාව පරිත්‍යාග කළේත්, ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා නොමිලේ බෙදා දීම සිදුවූයේත් මෙම 'කොවිෂීල්ඩ්' එන්නතය.
රුධිරය කැටි ගැසෙන බැවින්, යුරෝපා රටවල ඇස්ට්‍රාසෙනකා එන්නත භාවිතය නවතා දැමුණු අතර, ඉන්දියානුවන්ට මුල්තැන දී එන්නත් බෙදා දීමට ඉන්දීය රජය තීරණය කිරීමත් සමඟ පළමු 'කොවිෂීල්ඩ්' එන්නත ගත් පුද්ගලයන්ට දෙවැනි මාත්‍රාව අහිමි විය. ඒ අනුව රටවල් බොහොමයක් දෙවැනි මාත්‍රාව ලෙස 'ෆයිසර්' හෝ 'මොඩර්නා' එන්නත ලබා දීමට යොමු වී සිටී.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
689
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2359
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
එන්නත් මිශ්‍ර කිරීමෙන් සාර්ථක ප්‍රතිපල