IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


රුසියාවේ කොරෝනා අඩුවන බවක් නෑ

රුසියාවේ 'කොවිඩ් 19' මරණ සහ ආසාදිතයන් දිනෙන් දින ඉහළ යන බව එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

රුසියන් මාධ්‍ය අද (4) උදෑසන වාර්තා කළ අන්දමට ගතවුණු පැය 24 ඇතුළත සිදුවුණු 'කොවිඩ් 19' මරණ ගණන 697 කි. ගතවුණු පැය 24 ඇතුළත වාර්තා වූ නව ආසාදිතයන් ගණන 24,439 කි.

වැඩිම මරණ වාර්තා වීමට පටන්ගෙන ඇත්තේ මොස්කව් නුවරිනි. මොස්කව් නුවරින් දිනපතා 100 ත් 200 ත් අතර 'කොවිඩ් 19' මරණ වාර්තා වේ. රුසියාවේ 'කොවිඩ් 19' එන්නත්කරණ කටයුතු ඉතා මන්දගාමීව සිදුවෙයි. රුසියාවේ ජනගහනය මිලියන 146 ක් වන අතර, මේ වනතුරු එන්නත් ලබා දී ඇත්තේ එයින් සියයට 16 කට පමණි.

මේ වනවිට රුසියාවේ සමස්ත 'කොවිඩ් 19' ආසාදිත මරණ ගණන 1,37,262 දක්වාත් සමස්ත 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන මිලියන 5.5 දක්වාත් ඉහළ ගොස් තිබේ.

'සෞඛ්‍ය විශේෂඥයන් කියන දේට කන් දෙන්න. වයිරසයෙන් ආරක්ෂා වෙන්න නම් එන්නත ලබා ගැනීමයි කළ යුත්තේ. මමත් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත්තා.' යැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පැහැදිලි කර තිබේ.

රුසියානුවන්ට ලබා දෙන්නේ, එරට නිෂ්පාදිත 'ස්පුට්නික්' එන්නත් පමණි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය 'ස්පුට්නික්' එන්නතට ලැබී නැති නමුත් රටවල් බොහොමයක් 'ස්පුට්නික් 5' එන්නත මිලදී ගෙන එය ජනතාවට ලබා දීම සිදු කරයි.

රුසියානුවන් බොහෝ දෙනකු 'ස්පුට්නික් 5' එන්නත ලබා ගැනීමට මැලිකමක් දක්වන බව පැවැසෙයි. එසේ මැලිකමක් දක්වන බොහෝ දෙනා රුසියන් සෞඛ්‍ය සේවක සේවිකාවන්ය. ඔවුන් පවසන්නේ 'ස්පුට්නික් 5' එන්නත සම්බන්ධයෙන් ඔවුන්ට විශ්වාසයක් නොමැති බවය. 'ස්පුට්නික් 5' එන්නත නිපදවන්නේ රුසියානු රජයට අයත් ගැමලේයා වෛද්‍ය පර්යේෂණ ආයතනයයි.

මොස්කව්හිදීය (රොයිටර්)



අදහස් (0)

රුසියාවේ කොරෝනා අඩුවන බවක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 880 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site