අවුරුදු 7 කින් ඉන්දියාවේ තෙල් මිල ඉහළ යයි ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යෑමත් සමඟ ඉන්දියාව වසර හතරකට පසු ප්‍රථම වතාවට සිය ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට තීරණය තීරණය කර ඇත 15 May 2026
අදානිගේ නඩුව ඉවත් කෙරේ ඇමෙරිකා සිවිල් නඩුවක එකඟතාවකට පැමිණීමත් සමග, ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානිට එරෙහිව පවරා ඇති අපරාධ වංචා නඩුව ඉවත් කර ගැනීමට ඇමෙරිකානු බලධාරීන් සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 15 May 2026
ඉන්දියාවටත් මහ වැසි: අකුණු සැරින් 96 ක් මරුට උතුරු ඉන්දියාවේ, උත්තර ප්‍රදේශීය ප්‍රාන්තයට අධික මෝසම් වැසි සහ අකුණු කුණාටුවලින් බලපෑම් එල්ල වෙමින් පවතී. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ අකුණු සැර වැදීම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 96 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවය. 15 May 2026
ලැට්වියා අගමැති ධුරයෙන් ඉවත් වෙයි ලැට්වියාවේ දේශපාලනයේ අර්බුදයක් නිර්මාණය කරමින්, එරට අග්‍රාමාත්‍ය එලිකා සිලීනා ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළාය. එලිකා සිලීනා ඇගේ සභාග රජයේ ප්‍රධාන හවුල්කරුවකු වන වාමාංශික ‘ප්රගතිශීලී පක්ෂය’ සභාග රජයෙන් ඉවත් වීමත්, ඒ අනුව සිලීනාට සිය බහුතරය අහිමිවීමත් මෙම ඉල්ලා අස්වීමට හේතුවක් විය. 15 May 2026
චීන සංචාරය අවසන්: ට්‍රම්ප් යයි ඇමෙරිකාවත් චීනයත් අතරේ සබඳතා ශක්තිමත් කර ගැනීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් සමත් වූහ. ඒ, ලෝක නායකයන් දෙදෙනා අතරේ පැවැති සාකච්ඡාවලින් අනතුරුවය. සාර්ථක සාකච්ඡාවලින් පසු ජනපති ට්‍රම්ප් සහ ඔහුගේ නියෝජිතයෝ කණ්ඩායම යළි ඇමෙරිකාව බලා පිටත්ව ගියහ. 15 May 2026
නෙදන්යාහු හොරෙන්ම එමිරේට්ස් ගිහිල්ලා ඇමෙරිකා ඉරාන යුද්ධය අතරතුරේ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රහස් සංචාරයක නිරත වුණැයි විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. 14 May 2026
බ්‍රික්ස් විදෙස් ඇමැති හමුව නවදිල්ලි අගනුවර බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව එක් වී පිහිටුවාගත් ‘බි්රක්ස්’ සංවිධානයේ, විදෙස් අමාත්‍යවරුන්ගේ දෙදින සමුළුව ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී ආරම්භ විය. 14 May 2026
මාලදිවයින මාධ්‍යවේදීන් දෙදෙනෙක් අත්අඩංගුවට මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු සහ ඔහුගේ හිටපු සහායිකාවක අතර පැවති බව කියන රහස් සම්බන්ධයක් පිළිබඳ වාර්තාමය වැඩසටහනක් සම්බන්ධයෙන් පනවා තිබූ අධිකරණ තහනමක් උල්ලංඝනය කිරීමේ චෝදනාව මත එරට මාධ්‍යවේදීන් දෙදෙනකුට සිරදඬුවම් හිමිවී ඇත. 14 May 2026
‘කරුප්පු’ චිත්‍රපටයට විජේගෙන් තල්ලුවක් රංගනයට සමුදී දේශපාලනයට පිවිස තමිල්නාඩු මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලබා, තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමැති ලෙස දිවුරුම් දුන් විජේ, පසුගිය මැයි 14 වැනිදා තිරගත වීම් ආරම්භ කළ ‘කුරුප්පු’ දෙමළ චිත්‍රපටය සම්බන්ධයෙන් ගත් තීරණය මේ වනවිට කාගේත් අවධානයට ලක් වී ඇත. 14 May 2026
විජේ මත්පැන්හල් වසයි තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමැති ධුරයට පත් ජෝසප් විජේ, ප්‍රාන්තය තුළ ඉන්දීය රජය මගින් පවත්වාගෙන යන මත්පැන් අලෙවිසැල් 700 කට වැඩි ගණනක් වසා දැමීමට නියෝග කළ බව ඉන්දීය මාධ්‍ය පැවැසීය. 14 May 2026
පටි තද කරගන්න - මෝදි කියයි දින නියමයක් නොමැතිව, සටන් විරාමයක් ඇතිකර ගැණුනත්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෝ ඉරානය හෝ යුද්ධය අවසන් කිරීමට පැහැදිලි එකගතාවක් ඇති කරගෙන නැත. දෙපාර්ශ්වයම සාම සැලැසුම් ඉදිරිපත් කර ඇති නමුත්, දෙපාර්ශ්වයම ඊට එකගත්වය පළ කර නැත. 14 May 2026
ට්‍රම්ප් චීන ජනපති හමුවෙයි චීනයේ දෙදින නිල සංචාරයක නියැලෙන ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුව බෙයිජීං අගනුවර මහජන ශාලාවේදී පැවැත්විණි. 14 May 2026
වයිරස නැවේ ආසාදියෝ නෙදර්ලන්තයේ නිරෝධායනයට ‘හැන්ටා’ වයිරස ව්‍යාප්තියක් සිදුවුණු ‘එම්.එස්. හොන්ඩියුස්’ නමැති මගී නෞකාවේ සිටි සියලුම ආසාදිතයන් සංචාරක මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් කැනේරි දූපත්වල සිට කුඩා ගුවන් යානා දෙකක් මගින් නෙදර්ලන්තයට රැගෙන ආ බව පැවැසෙයි. 12 May 2026
ධුරයෙන් ඉවත් වෙන්නැයි බ්‍රිතාන්‍ය අගමැතිට බලපෑම් ධුරයෙන් ඉල්ලා අස්වෙන්නැයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර්ට සිය කම්කරු පක්ෂය අභ්‍යන්තරයෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී. 12 May 2026
තලපති විජේ හිටපු මහ ඇමැති හමුවෙයි තමිල්නාඩුවේ නව මහ ඇමති ලෙස දිවුරුම් දුන් තලපති විජේ සහ ධුරයෙන් සමුගත් මහ ඇමැති මෙන්ම ඩී.එම්.කේ. පක්ෂයේ නායක එම්.කේ. ස්ටාලින් අතරේ සුහද හමුවක් පැවැත්විණි. ස්ටාලින්ගෙන්, නව මහ ඇමැති විජේට හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි. 12 May 2026
ඉරාන සටන් විරාමය හිටිහැටියේ අවසන් වෙන්න පුළුවන් - ට්‍රම්ප් ඇමෙරිකා ඉරාන සටන් විරාමය ‘දිවි සුරැකුම් යන්ත්‍රයකට’ සම්බන්ධ කර තිබෙනවා වැනි යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ට්‍රම්ප් මේ බව පැවැසුවේ, එම සටන් විරාමය ඕනෑම මොහොතක දරුණු යුද්ධයක් දක්වා වෙනස් විය හැකි බව සිහිපත් කරමිණි. 12 May 2026
2026 පාපන්දු කුසලානයටත් ෂකිරාගෙන් ගීතයක් ඇමෙරිකාව, මෙක්සිකෝව සහ කැනඩාව යන රටවල සත්කාරකත්වයෙන් 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය එළැඹෙන ජූනි මාසයේ දී පැවැත්වෙයි. මෙම පාපන්දු ලෝක කුසලානයටත් ජනප්‍රිය බටහිර ගායිකා ෂකිරා ගීයක් නිර්මාණය කර ඇත. 11 May 2026
මාපියන්ගෙන් මෙක්සිකෝ ජනපතිනියට විරෝධයක් ලෝක කුසලාන පාපන්දු තරගාවලිය හේතුවෙන්, මෙක්සිකෝවේ පළමු පාසල් වාරය, මසකට පෙර අවසන් කිරීමට එරට ජනාධිපතිනී ක්ලෝඩියා ෂයින්බෝම් ගත් තීරණයට මාපියන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවති. 11 May 2026
සිරදඩුවම අවසන්: තක්ෂින් ෂිනවාත්රා නිදහස් තායිලන්තයේ හිටපු අග්‍රාමාත්‍ය තක්ෂින් ෂිනවත්‍රා මාස අටක සිරදඬුවමකින් පසු නිදහස ලැබීය. තායිලන්ත දේශපාලන ඉතිහාසය උඩුයටිකුරු කළ ප්‍රබල චරිතයක් ලෙස ෂිනවාත්රා සැලකෙයි. 11 May 2026
විජේගෙන් නොමිලේ විදුලිය තමිල්නාඩුව දේශපාලනය උඩුයටිකුරු කරමින් නව මහ ඇමති ලෙස දිවුරුම් දුන් ‘තමිලග වෙට්ට්‍රි කළගම්’ පක්ෂයේ නායක විජේ, සිය පාලනයේ පළමු නියෝගය ලෙස ප්‍රාන්ත වැසියන් සඳහා විදුලි ඒකක 200 ක් නොමිලේ ලබා දීමට තීරණය කළේය. ඊට අදාළ නියෝගයට විජේ අස්සන් කළේ දිවුරුම් දුන් සැණින් වීම ද විශේෂත්වයකි. 11 May 2026
කත්මණ්ඩු ආ තුර්කි ගුවන් යානය ගිනි ගනී නේපාලයේ කත්මණ්ඩු අගනුවර ට්‍රිබුවාන් ගුවන්තොටුපොළ බලා ආ තුර්කි මගී යානයක ගින්නක් හටගත්තේය. ගින්න හටගත්තේ යානයේ පිටුපස රෝද පද්ධතියේය. 11 May 2026
චීන සංචාරයට ට්‍රම්ප් සූදානම් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවට සියල්ල සූදානම් බව ධවල මන්දිරය පවසයි. 11 May 2026
සෙලෙන්ස්කී හමුවන්න සූදානම් - පුටින් පුටින් මේ බව පැවැසුවේ යුද්ධය අවසන් කිරීමට තමන් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට කැමති බව පවසමිණි. 11 May 2026
තලපති අද දිවුරුම් දෙයි තමිල්නාඩුවේ මහ ඇමති ලෙස ජෝෂප් විජේ අද (10) චෙන්නායි නුවර නේරු ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී තමිල්නාඩු ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ඇත. 10 May 2026
ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ලියෝ පාප්තුමා හමුවෙයි ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙසේ පාප්තුමා හමුවීමට පැමිණියේ ඇමෙරිකන් ඉරාන යුද්ධය මුල්කොට ගනිමින්, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ පාප්තුමන් අතරේ අර්බුදයක් පවතින අවස්ථාවකය. 10 May 2026
බෙංගාල මහ ඇමති දිවුරුම් දෙයි බටහිර බෙංගාල මහ ඇමති ලෙස, භාරතීය ජනතා පක්ෂ නායක සුවෙන්දු අධිකාරි ඊයේ (9) දිවුරුම් දුන්නේය. භාරතීය ජනතා පක්ෂය යනු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නියෝජනය කරන හින්දු ජාතිකවාදී පක්ෂයයි. බටහිර බෙංගාල ප්‍රාන්තයේ බලය, භාරතීය ජනතා පක්ෂයට හිමිවූයේ වසර 15 කට පසුවය. 10 May 2026
ඉරාන ජනපති උත්තරීතර නායකයා හමුවෙලා තමන් ඉරාන උත්තරීතර නායක මුජ්ටාබා කාමේනී හමුවුණු බව ඉරාන ජනාධිපති මෙෂූඩ් මෙසෙෂ්කියන් ඊයේ (9) මාධ්‍ය හමුවේ පැවැසුවේය. 08 May 2026
බ්‍රසීල ජනපති ධවල මන්දිරයේ ඇමෙරිකා සංචාරයකට පැමිණි බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි. 08 May 2026
සී.එන්.එන්. නිර්මාතෘ ටෙඩ් ටර්නර් සමුගනී ලෝ ප්‍රකට ඇමෙරිකානු සී.එන්.එන්. පුවත් සේවයේ නිර්මාතෘ ටෙඩ් ටර්නර් අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 87 කි. ටෙඩ් ටර්නර් මාධ්‍ය ක්ෂේත්රයේ දැවැන්තයකු පමණක් නොව, දක්ෂ ව්‍යාපාරිකයකු, මානවහිතවාදියකු ද සහ පරිසර සංරක්ෂණවේදියෙකි. 07 May 2026
ඇමෙරිකාවට පහර දෙන්න ඉරානයෙන් ඩොල්පින් බලඇණියක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරස් කළ ඇමෙරිකන් නාවික හමුදාවට පහර දීමටත්, හෝමූස් සමුද්‍ර සන්ධියේ බිම් බෝම්බ ඇතිරීමටත් ඉරාන විප්ලවීය හමුදාවේ නාවික බලකාය පුහුණු කරන ලද ඩොල්පින් මසුන් යොදා ගැනීමට ඉඩ ඇතැයි වෝල් ස්ටී්රට් ජර්නල් පුවත්පත අනාවරණය කර ඇත. 07 May 2026
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026