කළුකුමන්ලාට ට්‍රම්ප්ගෙන් සමාව මරණයට කැපවුණු කළුකුමන් දෙදෙනකුට අභයදානය ලබා දීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගත්තේය. ඇමෙරිකානුවන්ගේ තුති පුද කිරීමේ දිනය දා රාත්‍රී භෝජන සංග්‍රහයේ අනිවාර්ය අංගය රෝස්ට් කළ කළුකුම් මස් ය. තුති පුද කිරීමේ නිවාඩු දිනයට පෙර, කළුකුමන් දෙදෙනකුට අභයදානය ලබා දීම ඇමෙරිකන් ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලබයි. 26 November 2025
ලොව විශාලතම නගරය ජකර්තා එක්සත් ජාතීන්ගේ ලෝක නාගරීකරණ නවතම වාර්තාවකට අනුව, ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර ලොව විශාලතම නගරය බවට පත් වී ඇත. ජකර්තා අගනුවර නිවහන කරගත් ගණන මිලියන 41.9 යැයි එම වාර්තාවේ සඳහන් වෙයි. 26 November 2025
චීනයට යන්න ට්‍රම්ප් සූදානම් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන වසරේ අප්‍රේල් මාසයේදී චීනයේ සංචාරයක නිරත වනු ඇතැයි ධවල මන්දිර වාර්තා උපුටා දක්වමින් ඇමෙරිකන් මාධ්‍ය පවසයි. 26 November 2025
අඩුපාඩු තිබුණත් සාම සැලැස්ම පිළිගන්නවා අඩුපාඩු රැසක් පැවැතියත්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී, රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට සකස් කළ කරුණු 28 කින් සමන්විත සාම සැලැස්මට තමන්ගේ කැමැත්ත හිමිවන යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි. 26 November 2025
අයහපත් කාලගුණය 11,000 කට උන්හිටිතැන් අහිමි කරලා මැලේසියාව අයපත් කාලගුණයකින් බැටකයි. එරට මාධ්‍ය වාර්තා කළේ අයහපත් කාලගුණය හේතුවෙන් උන්හිටිතැන් අහිමි වුණු ගණන 11,000 ඉක්මවන බවය. 25 November 2025
ස්මිත්‍රිගේ විවාහය කල් යයි ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ජනප්‍රිය ක්‍රීඩිකාවක වන ස්මිත්‍රි මන්දනා ඇගේ විවාහ මංගල උත්සවය කල් දැමීමට තීරණය කර ඇත. 25 November 2025
ගිනි කන්දේ විස දුම ඉන්දියාවට වසර 12,000 කට පසු ඉතියෝපියාවේ ‘හයිලි ගුබී’ ගිනි කන්ද පුපුරා යෑමට පටන්ගෙන ඇත. දූවිලි සහ අළු මුසුවුණු විෂ දුම් වලා පිට කරමින්, ගිනි කන්ද පුපුරා යෑම ආරම්භ වූයේ පසුගිය සති අන්තයේය. 25 November 2025
රෙගේ ගායක ජිමී ක්ලිෆ් සමුගනී ලොව කාගේත් ආදරය දිනූ සම්මානනීය රෙගේ ගායක ජිමී ක්ලිෆ් දිවි ගමන අවසන් කළේය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 81 කි. ජැමෙයිකාවේ රෙගේ සංගීතය ලොවට දායාද කළ සුපිරි ගායකයකු ලෙස ජිමී ක්ලිෆ් සැලකෙයි. 25 November 2025
ධර්මේන්ද්‍ර සමුගනී සම්මානනීය ප්‍රවීණ බොලිවුඩ් නළු ධර්මේන්ද්‍ර අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වනවිට ඔහුගේ වයස අවුරුදු 89 කි. 24 November 2025
මැලේසියාවත් සමාජ මාධ්‍ය තහනම් දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ ගෝලීය අවධානය වැඩි වීමත් සමඟ, වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට මැලේසියාව ද සූදානම් වෙයි. මෙම තහනම ලබන 2026 දී ක්‍රියාවට නැංවෙනු ඇත. 24 November 2025
වෙනිසියුලා ගුවන් කලාපය තහනම් ඇමෙරිකා ෆෙඩරල් ගුවන් සේවා අධිකාරිය විසින් වෙනිසියුලා ගුවන් අවකාශය හරහා ගමන් කරන සියලුම ගුවන් යානාවලට අනතුරු ඇඟවීම් කර ඇත. 24 November 2025
එංගලන්තයේ වැඩිදෙනා විදේශිකයෝ එංගලන්තයේ ජීවත් වන සෑම පුද්ගලයන් පස් දෙනකුගෙන් එක් අයකු විදේශයන්හි උපත ලැබූ අය බවට නවතම විශ්ලේෂණයකින් අනාවරණය වී ඇත. 24 November 2025
FIFA ලෝක කුසලානයත් ට්‍රම්ප් බාධාවක් 2026 FIFA ලෝක කුසලානය ඇමෙරිකාව, මෙක්සිකෝව සහ කැනඩාව යන රටවල පැවැත්වීමට නියමිත අතර, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශපාලන තීරණ ඊට බාධායක් බව පැවැසෙයි. 24 November 2025
චීනයේ ජපන් සිසුන් ආරක්ෂා කරන්න චීනය සමඟ පවතින මත ගැටුම් හේතුවෙන්, චීනයේ අධ්‍යාපනය ලබන තම සිසුන්ගේ ආරක්ෂාව කෙරෙහි විහේෂ උන්න්දුවක් යොමු කළ බව ජපානය පවසයි. 24 November 2025
ඉන්දියා කැනඩා වෙළෙඳ ගිවිසුමක් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි අතරේ පැවැති සාකච්ඡාවලින් පසු ඉන්දියාවත් කැනඩාවත් අතරේ නව වෙළෙඳ ගිවිසුමක් සඳහා එකඟතාවක් ඇති කරගැනීම සිදුවිය. 24 November 2025
ඇමෙරිකාව ‘ජී20’ වර්ජනය කරයි ‘ජී20’ රාජ්‍ය නායක සමුළුව දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවරදී පැවැත්වුණු අතර, ඊට ඇමෙරිකාව සහභාගී වූයේ නැත. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෝ ඇමෙරිකාව නියෝජය කරමින් කිසිදු නියෝජිතයකු සමුළුවට සහභාගී නොවූයේ ඇමෙරිකාව සමුළුව වර්ජනය කළ බැවිනි. 24 November 2025
රුසියන් යුක්රේන සාම සැලැස්ම සාර්ථක වේවි රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සකස් කළ කරුණු 28 කින් සමන්විත සාම සැලැස්ම ප්රගතිවක් අත්කරගෙන ඇති බවත්, එය සාර්ථක වනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ පවසයි. 24 November 2025
බ්‍රසීලයේ හිටපු ජනපති ෆෙඩරල් පොලිස් භාරයේ චෝදනා රැසකට වරදකරු වී, සිර දඬුවම් නියම වී, ඇපමත නිදහස ලබා, නිවාස අඩසිස්යේ පසුවන බ්‍රසීලයේ හිටපු ජනාධිපති යාර් බොල්සරානෝ එරට ෆෙඩරල් පොලිස් භාරයට පත් විය. 24 November 2025
හිස්බුල්ලා ලොක්කා ඊශ්‍රායල ප්‍රහාරයට බිලි ඊශ්‍රායල හමුදා ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමින් ඉලක්ක කර ගනිමින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සංවිධානයේ ඉහළ පෙළේ නායකයකු වන හයිතම් අලි අල් තබ්තබායි ජීවිතක්ෂයට පත් විය. හයිතම් අලි අල් තබ්තබායි හිස්බුල්ලා සංවිධානයේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත. 24 November 2025
පෙෂවෝර් නුවර හමුදා මූලස්ථානයට ප්‍රහාරයක් පාකිස්තාන හමුදාව පැවැසුවේ, පෙෂවෝර් නුවර අතිරේක හමුදා මූලස්ථානයට මෙසේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනකු සහ තවත් ත්රස්තවාදීන් පිරිසක් හමුදා මූලස්ථානයට කඩා වැදී පහර දුන් බවය. ප්‍රහාරයෙන් අතිරේක හමුදා සාමාජිකයන් අට දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. 24 November 2025
පැහැරගත් දැරියෝ 50 ක් බේරිලා ඇවිල්ලා මධ්‍යම නයිජීරියාවේ ක්‍රිස්තියානි පාසලකට කඩා වැදුණු ඉස්ලාමීය ත්රස්තවාදීහු, පාසල් දැරියන් 303 දෙනකු සහ ගුරුවරුන් 12 දෙනකු පැහැරගෙන ගියහ. 24 November 2025
පාකිස්තානයේ කම්හලක පිපිරීමක් නැගෙනහිර පාකිස්තානයේ මැලියම් නිෂ්පාදන කම්හලක සිදුවුණු පිපිරීමකින් එහි කම්කරුවන් 15 දෙනකු මියගොස් හත් දෙනෙක් තුවාල ලැබූහ. 22 November 2025
මම්දානී-ට්‍රම්ප් හමුව ධවල මන්දිරයේ කවුරුත් පුලපුලා බලා සිටි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ නිව්යෝක් නගරාධිපති ලෙස තේරී පත් වුණු සොහ්රාන් මම්දානී අතර හමුව ධවල මන්දිරයේ දී ඕවල් කාර්යාලයේ දි පැවැත්විණි. 22 November 2025
විශ්ව රූ රැජින කිරුළ මෙක්සිකෝවට රූ රැජින තරගාවලිය පැවැත්වූයේ තායිලන්තයේය. මෙවර තරගාවලිය ආන්දෝලනාත්මක එකක් විය. ඒ, එහි සංවිධාකයන් ඔවුන්ට කැමැති සුරූපිනියන් පමණක් ජයග්‍රාහිකාවන් ලෙස තෝරා ගන්නා බවට විශ්ව රූ රැජින කිරුළේ විනිසුරුවරුන් දෙදෙනකු චෝදනා කිරීමත් සමඟය. 21 November 2025
අයිශ්වර්යා මෝදිගේ දෙපා නමදී ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ පැවති ශ්‍රී සත්‍ය සායි බාබාගේ උපන් දින ශත සංවත්සර සැමරුම පැවැත්වුණු අතර ඊට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්රමුඛ දේශපාලනඥයන් රැසක් ඇතුළු සම්භාවනීය ජනප්‍රිය පුද්ගලයෝ රැසක් සහභාගී වූහ. හිටපු ලෝක රූ රැජිනක මෙන්ම සුපිරි බොලිවුඩ් තරුවක ද වන අයිශ්වර්යා රායි බච්චන් ද ඒ අතර සිටියාය. 20 November 2025
ඉන්දීය විදෙස් ඇමැති රුසියන් ජනපති හමුවක් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ හමුවක් පැවැත්විණි. ඒ, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මොස්කව් නුවරට ගිය අවස්ථාවේදීය. 20 November 2025
එප්ස්ටින් වාර්තා ප්‍රසිද්ධ කරන්න අනුමැතිය ලිංගික අපරාධකරුවකු යැයි චෝදනා ලැබූ ජෙෆ්රි එප්ස්ටින්ගේ ගනුදෙනු සහ ඔහු ඇසුරු කළ පුද්ගලයන් සම්බන්ධ වාර්තා ප්‍රසිද්ධියට පත් කරන්නැයි ඉල්ලා ඇමෙරිකන් කොංග්රස් මණ්ඩලය (පාර්ලිමේන්තුව) සම්මත කරගත් පනත් කෙටුම්පතට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අස්සන හිමිවිය. ජෙෆ්රි එප්ස්ටින්ගේ ගනුදෙනු සහ ඔහු ඇසුරු කළ පුද්ගලයන් අතරේ ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් ද සිටීම විශේෂත්වයකි. 20 November 2025
රුසියන් රොබෝ පුටින්ට පේන්න නටලා මොස්කව් නුවර පැවැත්වුණු රොබෝ තාක්ෂණික ප්‍රදර්ශයක් නැරැඹීම ගිය රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට කෘත්‍රිම බුද්ධියෙන් පණ ගැන්වුණු මානවරූපී රොබෝවකුගේ නර්තනයක් දැක ගැනීමට හැකි විය. 20 November 2025
ඉන්දියාව එක්ක පැටළෙන්න බය නෑ - පාකිස්තානය ඉන්දියාව සමඟ යුද වැදීමට කිසිදු බියක් නොමැති බවත්, ඕනෑම මොහොතක ඉන්දියාව සමඟ යුද්ධයක් ඇවිලිය හැකි බවත් පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් පවසයි. 20 November 2025
ඇමෙරිකන් ආරක්ෂක ලොක්කෝ යුක්රේනයට රුසියන් යුක්රේන යුද්ධයට නතර කිරීමට නව සාම සැලැස්මක් සම්බන්ධයෙන් යුක්රේන ආරක්ෂක අංශ ප්‍රධානීන් හමුවී සාකච්ඡා කිරීමේ අරමුණින්, ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනයේ ආරක්ෂක ප්‍රධානීන් කණ්ඩාමක් යුක්රේනයේ කීව් අගනුවරට පැමිණි බව විදෙස් මාධ්‍ය පවසයි. 20 November 2025
රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් හප්පා මරලා අම්බලන්තොට නගරයේ රථවාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් නිළධාරින් දෙදෙනකු වැන් රථයකින් ආ පිරිසක් අද අලුයම 2.45ට පමණ යට කර එක් නිලධාරියකු මරා තවත් අයකු තුවාල කර පළාගොස් ඇතැයි පොලිසිය කියයි... 01 January 2026