ඉන්දියාවේ නවදිල්ලියේ පැවැති, 18 වැනි බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුවට චීන ජනාධිපති ෂී ජින්පින් පැමිණියේ විශේෂ ආරක්ෂක් යටතේ යැයි පැවැසෙයි.
චීන ජනාධිපති ෂී ජින්පිං සමඟ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික නායකයන්ගෙන් සමන්විත උසස් පෙළේ නියෝජිත පිරිසක් ද ඉන්දියාවට පැමිණියහ.
ජනාධිපතිවරයා රැඳී සිටියේ නවදිල්ලියේ ටාජ් පැලස් හෝටලයේය. ටාජ් පැලස් හෝටලය සම්පූර්ණයෙන් චීන ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන් කෙරුණි. හෝටලය පිහිටි ස්ථානයට ඉහළින් ගුවන් ගමන් තහනම් කෙරුණි.
චීන ජනාධිපති ෂී ජින්පිං ඉන්දියාවේ නවදිල්ලියට පැමිණියේ වසර 7 කට පසුවය. සංචාරය අතරතුර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ චීන ජනාධිපති ෂී ජින්පිං අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd