
සෞදියේ මක්කම නගරය ඉලක්ක කරගනිමින්, යේමනයේ ෂියා මුස්ලිම් හූති සටන්කාමීන් එවූ පුපුරන ද්‍රව්‍ය ඇටවූ නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් ගුවනේදීම පහර දී විනාශ කිරීමට සෞදි ආරක්ෂක අංශ සමත් විය.
ඉස්ලාම් බැතිමතුන්ගේ අතිශය පූජනීය නගරය ලෙස සැලකෙන්නේ මක්කමය. ඉස්ලාම් දහමේ ශාස්තෘවරයා වන මුහම්මද් නබිතුමා උපත ලැබුවේ මක්කම නගරයේය. මුස්ලිම්වරුන් දිනපතා ඉටු කරන යාඥාවන්වලදී මුහුණලා සිටින කේන්ද්‍රස්ථානය වන කාබා මෙහි පිහිටා ඇත.
මක්කම පූජනීය නගරය ඉලක්ක කර ගනිමින් එල්ල කළ එම ඩ්‍රෝන ප්‍රහාරය ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ ද දැඩි විරෝධයට මෙන්ම අප්‍රසාදයට ද හේතුවක් වී ඇත. තමන් කොන්දේසි විරහිතව සෞදියේ සහායට ඉදිරිපත් වී සිටිනවා යැයි ද ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
මේ වනවිට මක්කම නගරයේත්, සෞදියේ ඇති සෙසු පූජනීය ස්ථානවලත් ආරක්ෂාව තරකර ඇති අතර, වන්දනාකාරුවන්ට අනතුරු ඇගවීම් පවා නිකුත් කර ඇතැයි පැවැසෙයි.
යේමනයේ හූති සටන්කාමීන් සහ යේමන රජය අතරේ මේ වනවිට දරුණු ගැයුම් ආරම්භ වී ඇත. යේමන රජය සෞදි හිතවාදී වන අතර, යේමන රජයේ හමුදාවට සෞදි හමුදාවේ ද සහාය හිමිවෙයි.
හූතිවරුන් යනු ෂියා මුස්ලිම් සටන්කාමීන්ය. මොවුන්ට ආයුධ දෙමින්, පුහුණව දෙමින් සහය දක්වන්නේ ලොව ප්‍රධානතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානය බව ප්‍රසිද්ධ රහසකි.
මේ වනවිට යේමන වෙරළ තීරයේ නගර රැසක් අත්පත් කර ගැනීමට හූති සටන්කාමීන් පියවරගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd