ඉරාක අගමැති තුර්කියේ සංචාරයක ඉරාක අග්‍රාමාත්‍ය අලි අල්-සායිඩි නිල සංචාරයක් සඳහා තුර්කිය බලා පැමිණියේය. අල්-සායිඩි, ඉරාක අග්‍රාමාත්‍ය ලෙස තුර්කියට පැමිණිපළමු අවස්ථාව මෙයයි. 30 July 2026
මියන්මාර ක්‍රියාකාරීන් 9 දෙනකුට සිරදඬුවම් මියන්මාර හමුදා පාලනයට එරෙහිව ජනතාව උසි ගන්වමින්, මැතිවරණය වර්ජනය කරන්නැයි ජනතාවගෙන් බල කරමින් විරෝධතා පැවැත්වූ සමාජ ක්‍රියාකාරීන් නව දෙනකුට වසර 37 බැගින් සිරදඬුවම් නියම කෙරුණි. 30 July 2026
ඉරානයේ ප්‍රහාරවලට ඇමෙරිකාවෙන් ප්‍රතිචාර ඉරානයේ ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින්, ඇමෙරිකාව, ඉරානයේ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායට අයත් ඉලක්ක රැසකට ගුවන් ප්‍රහාර එල්ල කළේය. එම ප්‍රහාර සියල්ල සාර්ථක වූ බව මැදපෙරදිග ඇමරිකන් හමුදා මෙහෙයුම් බාරව කටයුතු කරන ‘සෙල්ට්රල් කමාන්ඩ්’ මෙහෙයුම් මධ්‍යස්ථානය පවසා ඇත. 30 July 2026
ක්වන්ටාස් ගුවන් සේවය දීර්ඝ ගුවන් ගමන් අරඹයි ඕස්ට්්රලියාව ක්වන්ටාස් ගුවන් සේවය, ලොව දිගම, අඛණ්ඩ ගුවන් ගමන් ආරම්භ කර ඇත. එහි පළමු පියවර ලෙස ඕස්ටේ්රලියාවේ මෙල්බර්න් නුවර සිට ප්‍රංශයේ තුලූස් නුවර තෙක් ගුවන් ගමනක් සිදුවිය. 30 July 2026
රුෂ්ඩිට පහර දුන් තරුණයා ෆෙඩරල් අධිකරණය හමුවට ලෝ ප්‍රකට සම්මානනීය ලේඛක සල්මාන් රුෂ්ඩි ට, 2022 වසරේ දී පහර දුන් හදි මටාර් නමැති ඇමෙරිකන් මුස්ලිම් තරුණයා ඇමෙරිකන් ෆෙඩරල් අධිකරණයක් හමුවේ වරදකරු විය. 30 July 2026
ජපාන භූ කම්පාවෙන් 13ක් මරුට ජපානයට ඊයේ බලපෑ රිකටර් මාපක 7.1ක ප්‍රභලත්වයකින් යුත් භූමිකම්පාව හේතුවෙන් මරණ 13ක් වාර්තා වී ඇති බව ජපානය තහවුරු කර තිබේ. සුන්බුන් අතර සිරවූවන් බේරා ගැනීම වෙනුවෙන් තවදුරටත් මෙහෙයුම් සිදුව තිබේ. මෙම භූමිකම්පාව හේතුවෙන් ගොඩනැගිලිවලට දැඩි හානියක් සිදුව තිබේ. ඒසේම විදුලි සම්බන්ධතා බි ඳ වැටීම හේතුවෙන් බොහෝ පිරිසක් පීඩාවට පත්ව තිබේ. 29 July 2026
වෙළෙද සංකීර්ණය කඩා වැටී බොහෝ දෙනෙක් සිරවෙලා ජපානයට බලපෑ රික්ටර් පරිමානයේ ඒකක 7.1 ක ප්රබලතාවයක් සටහන් කළ භූමිකම්පාවෙන් පසු වෙළඳ සංකීර්ණ ගොඩනැගිල්ලක් දෙදරා ගොස් කඩාවැටී ඇති බවත්, සුන්බුන් අතරේ බොහෝ දෙනකු සිරවී සිටින බවත් වාර්තා වේ. 28 July 2026
ඇමෙරිකාවේ මදුරු පාලනයට වොල්බැකියා විෂ කෘමිනාශක, දුමායනය හෝ මදුරු විකර්ශණ භාවිතයෙන් තොරව, මදුරු ගහනය පාලනය කිරීමේ නවතම සහ විද්‍යාත්මක ක්‍රමවේදයක් ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් අගනුවර කේන්ද්‍ර කරගනිමින් ආරම්භ ඇත. 28 July 2026
ට්‍රම්ප් හමුවන්න නෙදන්යාහු එයි ඉරාන යුද්ධය ආරම්භ වීමෙන් පසු, පළමු වරට ඊශ්‍රායලය අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ මුහුණට මුහුණ හමුවක් පැවැත්වෙයි. 28 July 2026
ජපානයට ප්‍රබල භූමිකම්පාවක් ජපානයේ දකුණු දෙසින් පිහිටි කියුෂු දුපතේ කුමමොටෝ ප්‍රාන්තය කේන්ද්‍රකොට ගනිමින් රික්ටර් පරිමානයේ ඒකක 7.1 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමිකම්පාවක් හටගත්තේය. 28 July 2026
සියැටල්හි වෙඩි තැබිමකින් දෙදෙනෙක් මරුට ඇමෙරිකාවේ සියැටල්හි වාර්ෂික ආහාර උළෙලක් වන බයිට් ඔෆ් සියැටල් හිදී ඊයේ පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් තවත් පහක් පමණ තුවාල ලබා තිබේ. ඇමෙරිකාවේ වේලාවෙන් පස්වරු 6ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබේ. 27 July 2026
ඊශ්‍රායලයට සමීප වෙන්න සිරියානු ජනාධිපති සූදානම් එදිරිවාදිකම් නවත්වා, යුදෙව් ඊශ්‍රායලයට සමීප වෙමින්, ඊශ්‍රායලය සමග යහපත් සබඳතා වර්ධනය කර ගැනීමටත්, සිරියා ඊශ්‍රායල ආරක්ෂක සහයෝගීතාවක් ඇති කර ගැනීමටත් තමන් සූදානම් බව සිරියානු ජනාධිපති අහ්මද් අල් ෂාරා පවසයි. 27 July 2026
ඇමෙරිකා සැණකෙළියක් අතරතුරේ වෙඩි තැබීමකින් ඇමෙරිකාවේ සියැටල් නගරයේ, ආහාර සැණකෙළියක් අතරතුරේ සිදුවුණු වෙඩි තැබීමකින්, එක් අයෙක් ජීවිත්ෂයට පත් විය. තුවාල ලබා රෝහල්ගත කළ ගණන පහකි. තුවාල ලැබූ පස් දෙනා අතරේ කුඩා දරුවකු ද සිටින බව පැවැසෙයි. 27 July 2026
මහ වැසි චීනයේ 10 ක් බිලි ගනී ඊසානදිග චීනය අයහපත් කාලගුණයෙන් බැටකයි. චීන මාධ්‍ය වාර්තා කළේ අයහපත් කාලගුණය හේතුවෙන්, 10 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති බවත්, 23 දෙනෙකු තුවාල ලැබූ බවත්ය. 27 July 2026
ප්‍රංශයේ-ස්පාඤ්ඤයේ ළැව්ගිනි තවත් දරුණුයි දැඩි උණුසුම් කාලගුණය හමුවේ, ප්‍රංශයේ සහ ස්පාඤ්ඤයේ ළැව්ගිනි පැතිරෙමින් පවතී. ළැව් ගිනිවලින් ජීවිත බේරා ගැනීමටත්, ළැව් ගිනි පාලනය කිරීමටත් ගිනි නිවන භටයන් මහත් පරිශ්‍රමයක් දරන බව පැවැසෙයි. 27 July 2026
ප්‍රාහරයට ලක්වුණු සිසුන් වෙනුවෙන් රාහුල් හඬ නගයි කැරපොතු ජනතා පක්ෂයේ විරෝධතාවලට එක් වී පොලිස් ප්‍රහාරවලින් තුවාල ලැබූ ශිෂ්‍යයන් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ‘කොංග්රස්’ පක්ෂයේ නායක රාහුල් ගාන්ධි පවසයි. 27 July 2026
කොට කලිසමින් වැඩට එන්න අවසර ග්‍රීෂ්ම සෘතුව උදාවීමත්, උෂ්ණත්වය අධික ලෙස ඉහළ යෑමත් සමග ජපානයේ ටෝකියෝ අගනුවර රාජ්‍ය සේවකයන්ට සැහැල්ලු ඇඳුම්වලින් සැරසී සේවයට පැමිණීමට ටෝකියෝ ආණ්ඩුකාරවරයා අවසර දී ඇතැයි එරට මාධ්‍ය පවසයි. 23 July 2026
රාහුල්-ප්‍රියංකා පොලිස් අත්අඩංගුවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලමින්, ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්රදාන්ට ධුරයෙන් ඉල්ලා අස්වෙන්නැයි බල කරමින් නවදිල්ලි අගනුවර පැවැති විරෝධතාවලට විපක්ෂ නායක රාහුල් ගාන්ධි සහ ඔහුගේ සොහොයුරිය ප්‍රියංකා ගාන්ධි වද්‍රා ද එක් වූහ. 22 July 2026
යුක්රේන හමුදා ප්‍රධානියා ධුරයෙන් ඉවත් කෙරේ යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි, එරට හමුදා ප්‍රධානී ඔලෙක්සැන්ඩර් සර්ස්කි එම ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 22 July 2026
ඉරාන යුද්ධයට වැයවුණු මුදල ඩොලර් බිලියන 37.5 ක් අවබෝධතා ගිවිසුම අවලංගු වී, දිනෙන් දින ඔඩුදුවන ඉරානය යුද්ධය වෙනුවෙන්, මේවනවිට ඇමෙරිකන් ඩොලර් බිලියන 37.5 ක මුදලක් වැයවී ඇතැයි ඇමෙරිකන් ආරක්ෂක ලේකම් පීට් හෙග්සිත් පවසයි. 22 July 2026
ප්‍රංශ දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් අවුරුදු 15 ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම සඳහා වන පනත් කෙටුම්පත ප්‍රංශ පාර්ලිමේන්තුවේදී සම්මත විය. ඒ අනුව, අවුරුදු 15 ට දරුවන්ට, සමාජ මාධ්‍ය යෙදවුම් තහනම් කළ පළමු යුරෝපීය සංගමයට අයත් රට බවට ප්‍රංශය පත් වෙයි. 22 July 2026
ගොඩ්සිලා වර්සස් කොංග් චිත්‍රපටයේ පුංචි දැරිය මැරිලා ගොඩ්සිලා වර්සස් කොංග් සහ ගොඩ්සිලා එක්ස් කොංග් ද නිව් එම්පයර් යන චිත්‍රපටවල බිහිරි ගෝත්‍රික දැරියගේ චරිතයට පණ දුන් කෙයිලී හොට්ල් රිය අනතුරකින් මියගිය බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි. 22 July 2026
ඇෆ්ගනිස්තානයට මහ වැසි 50 ක් මරුට: 100 ක් අතුරුදන් තලේබාන් පාලනය යටතේ පවතින ඇෆ්ගනිස්තානයට මහ වැසි ඇද හැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මහ වැසි හේතුවෙන් හටගත් හදිසි ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් ඊයේ (20) වනවිට 50 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් 100 කට වැඩි පිරිසක් අතුරුදන් බවත්ය. 21 July 2026
ට්‍රම්ප්ගෙන් කැනඩාවට සියයට 50 ක තීරු බද්දක් කැනඩාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 50 ක බද්දක් පැනවීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කළේය. ට්‍රම්ප්ගේ උපදෙස් අනුව, දින 30 ක් ඇතුළත මෙම බදු බලාත්මක වනු ඇතැයි ධවල මන්දිරය නිවේදනය කළේය. 21 July 2026
ඇමෙරිකා පොඩ්ඩන්ට අකුරු කරවන්න AI ගුරුවරියක් මීළඟ පාසල් වාරයේ සිට, ඇමෙරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයේ පාසල්වලට කෘත්‍රිම බුද්ධියෙන් පණ ගැන්වෙන මානවරූපී රොබෝ ගුරුවරියන් හඳුන්වා දීමට නිව්යෝක් පාසල් බලධාරීහු සූදානම් වෙති. ඇමෙරිකාවේ පාසල්වලට, කෘත්‍රිම බුද්ධියෙන් පණ ගැන්වෙන රොබෝ ගුරුවරියක හඳුන්වා දෙන පළමු අවස්ථාව මෙය යැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 20 July 2026
ජපන් ඩෙංගු එන්නතට ඉන්දියාවේ අනුමැතිය ඩෙංගු වයිරසයට එරෙහිව, ජපානයේ ටකේඩා ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවා ඇති, සායනික පර්යේෂණවලින් ද සාර්ථක බව පෙන්නුම් කළ ‘කියුඩෙංගා’ නමැති එන්නතට, ඉන්දීය ඖෂධ පාලක ජනරාල්වරයාගේ අනුමැතිය හිමිවී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය 20 July 2026
ඊශ්‍රායල බන්ධනාගර වටේ කිඹුල් දිය අගල් ඊශ්‍රායල බන්ධනාගාරවලින් රැඳවියන් පලා යාම වැළැක්වීමේ අරමුණින්, බන්ධනාගාර වට කරමින් දිය අගල් කැණීමටත්, ඒවායේ කිඹුලන් බෝ කිරීමටත් රජය පියවර ගනු ඇතැයි ඊශ්‍රායල පරිසර ආරක්ෂණ අමාත්‍ය ඉඩිට් සිල්මන් පවසයි. 20 July 2026
කේරළ පාසල්වලට විශේෂ නිවාඩුවක් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය ආජන්ටිනාව සහ ස්පාඤ්ඤය අතරේ පැවැත්වුණු අතර ස්පාඤ්ඤය ලෝක පාපන්දු ශූරයන් බවට පත් විය. 20 July 2026
ජගත් මහ ලේකම් චීනයේ සංචාරයක එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරේට්ස් චීනයේ හැංග්හායි බලා පැමිණියේය. ඒ, ඊයේ (16) ආරම්භ වුණු 2026 ලෝක කෘත්‍රිම බුද්ධි සම්මේලනයට සහ ගෝලීය කෘත්‍රිම බුද්ධි පාලනය පිළිබඳ සමුළුවට සහභාගී වීමේ අරමුණින්ය. 17 July 2026
චීන නියෝජිතයෝ උතුරු කොරියා නායකයා හමුවෙති චීනයේ පාලක කම්කරු පක්ෂයේ ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමක්, උතුරු කොරියාවේ යොංග්යැංග් අගනුවරට ගොස්, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවූහ. 17 July 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 17 hours ago