කටාර් හෙලිකොප්ටරයක් අනතුරේ කටාර් රාජ්‍යයට අයත් හමුදා හෙලිකොප්ටරයක් එරට මුහුදු සීමාවට කඩා වැටී ඇතැයි පැවැසෙයි. යානයේ පිරිස සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බව වාර්තා වේ. 22 March 2026
හෝමූස් විවෘත කරන්න පැය 48 ක් ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය (හරහා සිදුවන නාවික ගමනාගමනයට එල්ල කරන බාධා වහාම ඉවත් නොකළහොත්, එරට බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කර ප්‍රබල ප්‍රහාර එල්ල කරන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අනතුරු ඇඟවීමක් සිදු කර ඇත. 22 March 2026
ඉරාන ප්‍රහාර ඉන්දියන් සාගරයට ඉරානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර පවතින යුදමය ගැටුම් මැදපෙරදිග කලාපයෙන් ඔබ්බට ගොස්, ඉන්දීය සාගරය දක්වා වර්ධනය වීමේ අවධානමක් පෙන්නුම් කර ඇත. ඒ, ඉරාන විප්ලවීය හමුදාව ඉන්දීය සාගරයේ පිහිටි අතිශය වැදගත් ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය ඒකාබද්ධ හමුදා මධ්‍යස්ථානයක් වන ‘දියේගෝ ගාසියා’ (Diego Garcia) කඳවුර ඉලක්ක කර ඉරානය විසින් බැලැස්ටික් මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කිරීමත් සමගය. 21 March 2026
චක් නොරිස් සමුගනී ලෝක පූජිත හොලිවුඩ් සටන් නළු චක් නොරිස් දිවි ගමන අවසන් කළේය. මියයන විට ඔහුගේ වයස අවුරුදු 86 කි. 1940 මාර්තු 10 වනදා ඇමෙරිකාවේ ඔක්ලාහොමා හීදි උපත ලද චක් නෝර්ස් 1958 සිට 1962 දක්වා ඇමෙරිකා ගුවන් හමුදාවේ සේවය කළේය. චක් නොරිස් රංගනයට පිවිසියේ ඉන් අනතුරුවය. 21 March 2026
යුද්ධය අවසන් වන දිනය කියන්න බෑ ඊශ්‍රායලය සමග එක්ව ඉරානයට එරෙහිව දියත් කර ඇති යුද්ධය අවසන් කිරීම සඳහා නිශ්චිත කාලරාමුවක් නොමැති බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසයි. 20 March 2026
දිගටම යුද්ද කරනවා - නෙදන්යාහු ඉරානයට එරෙහිව අඛණ්ඩව යුද වදින බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසුවේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි. 20 March 2026
උන්ගේ පක්ෂයට අති විශිෂ්ට දිනුමක් උතුරු කොරියාවේ උත්තරීතර මහජන සභාවට (පාර්ලිමේන්තුව) නියෝජිතයන් පත් කර ගැනීම සඳහා, පැවැති මැතිවරණයෙන් නායක කිම් ජොන් උන්ගේ කම්කරු පක්ෂය සහ ඊට සහාය දක්වන සෙසු පක්ෂ එක් වී සියයට 99.93 කට වඩා ඉහළ ඡන්ද ප්‍රතිශතයක් දිනා ගත්තේය. 19 March 2026
ෆින්ලන්තය 9 වැනි වරටත් ලෝකයේ සතුටුම රට ලෝකයේ සතුටින්ම සිටින රටවල් අතුරින් ෆින්ලන්තය, මෙම 2026 වසරේ ද අඛණ්ඩව 9 වැනි වරටත් ශ්‍රේණිගත කිරීම්වලින් පළමු ස්ථානයට පත් වී ඇත. 19 March 2026
කටාරයේ රාස් ලෆාන් කාර්මික නගරයට ප්‍රහාර කටාර් රාජ්‍යයේ ප්‍රධානතම ගෑස් නිෂ්පාදන මධ්‍යස්ථානය වන රාස් ලෆාන් කාර්මික නගරයට ඉරානය මිසයිල ප්‍රහාර එල්ල කළේය. එම මිසයිල ප්‍රහාරවලින්, රාස් ලෆාන් කාර්මික නගරයට දරුණු ලෙස හානි සිදුවිය. ප්‍රහාරයත් සමග ගින්නක් ද හට ගැණුනි. 19 March 2026
බුද්ධි අංශ ලොක්කි ට්‍රම්ප්ට විරුද්ධ වෙයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඊශ්‍රායලය සමග එක් වී ඉරානයට පහර දෙන්නේ, ඉරානයෙන් ඇමෙරිකාවට කිසිදු ආකාරයක තර්ජනයක් පෙන්නුම් කළ අවස්ථාවක නොවේ යැයි ඇමෙරිකා ජාතික බුද්ධි අංශ ප්‍රධානී තුල්සි ලැබාර්ඩ් පවසයි. 19 March 2026
ඇමෙරිකාවේ හමුදා කඳවුරකට ඩ්‍රෝනා ඇවිල්ලා ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර, ලෙස්ලි ජේ. මැක්නියාර් කඳවුරට නුදුරින් අහසේ නියමුවන් රහිත ඩ්‍රෝන යානා දකින්න ලැබීමත් සමග කලබලයක් හට ගැණුනි. 19 March 2026
ඇමෙරිකාවට ගැති නැති නැව් හෝමූස් හරහා යනවා ඇමෙරිකාවට හෝ ඊශ්‍රායලයට සහාය නොදක්වන භාණ්ඩ ප්‍රවාහන වාණිජ නැව්වලට හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යෑමට ඉරාන විප්ලවීය හමුදාව දිගින් දිගටම අවසර ලබා දෙන බව අල් ජසීරා පුවත් සේවය පැවැසීය. 18 March 2026
ට්‍රම්ප් බීබීසීයට දෙහි කපයි ඉරාන යුද්ධය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ බීබීසී පුවත් නාලිකාව සිදුකරන පුවත් වාර්තාකරණය සම්බන්ධයෙන් තමා පැහැදීමකට පත් නොවන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ට්‍රම්ප් මෙසේ කීවේ බීබීසී නාලිකාවට දොස් නගමිනි. 18 March 2026
පුටින් ඉරානයට උදවු කිරීම හංගන්න කාරි නෑ යුද ගැටුම් මධ්‍යයේ, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඉරානයට සහාය දෙන බව තමන් දන්නා බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එරට ෆොක්ස් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පැවැසීය. 18 March 2026
අයර්ලන්ත අගමැති ධවල මන්දිරයේ අයර්ලන්ත අග්‍රාමාත්‍ය මයිකල් මාටින් සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ හමුවක් පැවැත්විණි. එහිදී ඉරානය සමරග පවතින යුද ගැටුම සම්බන්ධයෙන් ද දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි. 18 March 2026
ඉරානයේ ප්‍රබලයෝ දෙන්නෙක් මරලා ඉරාන දේශපාලන සහ යුද පිටියේ දැවැන්ත පෙරළියක් ඇති කරමින්, එරට විප්ලවීය හමුදාවේ ‘බසීජ්’ බළඇණියේ ප්‍රධානී බ්‍රිගේඩියර් ජෙනරාල් ගොලාම් රේසා සුලෙයිමානි ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් වී ඇතැයි පැවැසෙයි. 17 March 2026
ට්‍රම්ප් කියුබාවට පහර දෙන්න සූදානම් ලතින් ඇමෙරිකා කලාපයට අයත් කියුබාව සමග දශක ගණනක් තිස්සේ පවතින අර්බුදය අවසන් කරමින්, කියුබාව යටත් කරගෙන කියුබා වැසියන් මර්දනකාරී පාලනයෙන් නිදහස් කර ගැනීමට තමන් සූදානම් යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍යවේදීන් හමුවේ පැවසීය. 17 March 2026
හෝමූස් අර්බුදය විසඳන්න බ්‍රිතාන්‍ය අගමැති වෙර දරයි ඉරාන විප්ලවීය හමුදාව, ඇමෙරිකාවටත් ඊශ්‍රායලයටත් විරෝධය පළ කරමින් අවහිර කළ හෝමූස් සමුද්‍ර සන්ධිය යලි විවෘත කර, ගෝලීය වෙළෙඳපොළේ ස්ථාවරත්වය සහ ඉන්ධන සැපයුම සහතික කිරීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර් උත්සාහ ගනිමින් සිටී. 17 March 2026
බැග්ඩෑඩයේ ඇමෙරිකා තානාපති කාර්යාලයට ප්‍රහාරයක් ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර පිහිටි ඇමෙරිකන් තානාපති කාර්යාලයට නියමුවන් රහිත ඩ්‍රෝන ප්‍රහාරයක් සහ රොකට් ප්‍රහාරයක් එල්ල විය. 17 March 2026
ඇමෙරිකන් චීන ජනපති හමුව මසකින් පස්සට ඇමෙරිකා-ඊශ්‍රායල-ඉරාන යුද්ධය මුල්කොට ගනිමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැත්වීමට නියමිත මුහුණ හමුව මාසයකින් කල් දැමීමට සිදුවුණු බව ධවල මන්දිරය පවසයි. 17 March 2026
හෝමූස් වහලා තියෙන්නේ ඇමෙරිකන් හිතවතුන්ට විතරයි හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට තමන් පියවරගෙන නොමැති බවත්, ඇමෙරිකා හිතවාදී රටවල නැව්වලට පමණක් ඒ හරහා යාත්‍රා කිරීමට ඉඩ නොදෙන බවත් ඉරාන විප්ලවීය හමුදාව පැහැදිලි කර ඇත. 17 March 2026
ඔස්කාර් සිනමා සම්මන උළෙල 2026 බටහිර සිනමාවේ මෞලි මංගල්‍යය ලෙස සැලකෙන ඇකඩමි සම්මාන උළෙල හෙවත් ඔස්කාර් සම්මාන උළෙල 98 වැනි වරට, සුපුරුදු පරිදි ලොස් ඇන්ජලීස් නුවර ඩෙල්බි රඟහලේ දී විචිත්‍රවත් අන්දමින් පැවැත්විණි. 16 March 2026
සටන් විරාම ඉල්ලුවේ නෑ: ඉරාන විදේශ ඇමැති ඉරානය කිසිම අවස්ථාවක ඇමෙරිකාවෙන් සටන් විරාමයක් ඉල්ලා නැතැයි ඉරාන රජය වෙනුවෙන් එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි අවධාරණය කර ඇත. ඉරාන විදේශ අමාත්‍යවරයා මෙසේ අවධාරණය කළේ, ඉරානය සටන් විරාමයක් සම්බන්ධයෙන් තමන් සමග සාකච්ඡා පැවැත්වූයේ යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිණි. 16 March 2026
ට්‍රම්ප් නේටෝවටත් සද්දේ දාලා ඉරාන විප්ලවීය හමුදාවේ අණසකට ලක්වුණු හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘතව තැබීමට ඇමෙරිකාවට සහාය නොදෙන්නේ නම්, නේටෝ සංවිධානයේ අනාගතය ඉතා අඳුරු වනු ඇතැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් කළේය. 16 March 2026
ට්‍රම්ප්ගෙන් මාධ්‍ය ආයතනවලට තර්ජන ඉරානයට එරෙහිව ඇමෙරිකාව ආරම්භ කළ යුද්ධය සම්බන්ධයෙන් විවේචනාත්මකව පුවත් වාර්තා කරන්නේ නම්, එවැනි මාධ්‍ය ආයතනවල විකාශන බලපත්‍ර අවලංගු කිරීමට පියවර ගන්නා බව ට්‍රම්ප් පරිපාලනය අනතුරු ඇඟවීය. 16 March 2026
දෙවියනි ! සාමය කෝ ? මධ්‍යපෙරදිග පවතින උණුසුම්කාරී තත්ත්වය සමනය කර සාමය ස්ථාපිත වනු තමන්ගේ අපේක්ෂාව යැයි 14 වැනි ලියෝ පාප්තුමන් ඉරිදා දේව මෙහෙය පවත්වමින් පැවැසීය. 15 March 2026
ඉන්දියාවේ එක පොදියට මැතිවරණ 5 ක් ඉන්දියාවේ බටහිර බෙංගාලය, ඇසෑමය, තමිල්නාඩුව, කේරළය සහ පුදුචේරි යන ප්‍රාන්තවල ව්‍යවස්ථාදායක සභා මැතිවරණය පැවැත්වෙන දින වකවානු ඉන්දීය මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කර තිබේ. 15 March 2026
මැරිලා නැතිනම් හොයන් ගිහින් මරනවා ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු මියගොස් ඇතැයි ඉරානය තරයේ කියා සිටී. ඒ, ඔවුන් එල්ල කළ මිසයිල ප්‍රහාරයක් නිවැරදි ඉලක්කයට කරා ළඟා වූ බව ද පවසමිනි. 15 March 2026
යළි පන්නරය ලැබූ කැනඩා චීන සබඳතා තීරුබදු තර්ජන සහ භූදේශපාලනික නොසන්සුන්තා මධ්‍යයේ, බටහිර රටවල් ඇතුළු ලොව පුරා බොහෝ රාජ්‍යයන් පුරෝකථනය කළ හැකි ස්ථාවරත්වයක් වෙනුවෙන් චීනය දෙසට හැරෙමින් පවතී. 13 March 2026
ජෝන්ස් පනත අත්හිටුවයි ඇමරිකානු වෙළඳපොළේ ඉන්ධන සැපයුම ස්ථාවර කිරීමේ අරමුණින්, ‘ජෝන්ස් පනත’ දින 30ක කාලසීමාවකට තාවකාලිකව අත්හිටුවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය පවසයි. 13 March 2026
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026