යුක්රේනයේ බස්වලට රුසියන් හමුදාව පහර දෙයි
යුක්රේනයේ ප්රවාහන සේවා ඉලක්ක කර ගනිමින්, රුසියන් හමුදා ගුවන් ප්රහාර එල්ල කිරීමට පටන් ගෙන ඇතැයි විදෙස් මාධ්ය පවසයි. මාධ්ය වාර්තා කර ඇති අන්දමට, යුක්රේනයේ ක්රමාටෝර්ක්ස් නගරයේ සිවිල් බස් රථ දෙකක් ඉලක්ක කර ගනිමින් රුසියන් හමුදා ගුවන් ප්රහාර එල්ල කර ඇති බවත්, කුඩා දරුවන් ද ඇතුළුව සිවිල් වැසියන් 30 දෙනකු එම ප්රහාරවලින් මියගොස් ඇති බවත් පැවැසෙයි.