ඇමෙරිකාවේ විස්කොන්සින් ජනපදයේ, සිදුවුණු කුඩා සැහැල්ලු ගුවන් යානා අනතුරකින්, එහි ගමන් කරමින් සිටි හය දෙනාම ජීවිතක්ෂයට පත්වූහ.

ගුවන් යානය, විස්කොන්සින් අගනුවර වන මැඩිසන් සිට කිලෝමීටර 64.4 ක් වයඹ දෙසින් පිහිටි ඩෙලෝනා නගරය බලා පියාසර කරද්දී අනතුරට ලක් වී ඇතැයි පැවැසෙයි. සෝක් කවුන්ටි ෂෙරිෆ් කාර්යාලය නිකුත් කළ නිවේදනයකට අනුව, මියගිය හය දෙනා අතරේ කුඩා දරුවෙක් ද සිටී.

ගුවන් යානය කඩා වැටුණේ ජනාකීර්ණ පළාතකට වුවත්, බිම සිටි කිසිවකුටත් අනතුරක් සිදු නොවුණු බව පැවැසෙයි. නිවාස හෝ ගොඩනැගිලිවලට ද හානියක් සිදුවී නැත. අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදුවෙයි.