
දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී, බන්ධනාගාරගතව සිටින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ සොහොයුරියක වන අලීමා ඛෝම් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
ලාහෝර් නියෝජ්‍ය කොමසාරිස්වරයාගේ නියෝගයකට අනුව අලීමා අත්අඩංගුවට ගැනීම සිදුවිය. අලීමා දින 30 ක කාලයක් සඳහා ලාහෝර් හි කොට් ලක්පට් බන්ධනාගාරයේ රඳවා තැබීමට නියමිතය. අලීමා සමාජ ක්‍රියාකාරිනියකි.
සමාජ මාධ්‍ය හරහා සහ ජනරැලි හරහා රජයට එරෙහිව මහජනතාව ‘කුපිත’ කරවනවා යැයි අලීමා ට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
බන්ධනාගාරයේ දුක් විඳින ඉම්රාන් වහා නිදහස් කරන්නැයි රජයට බල කරමින්, ඉම්රාන්ගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ දේශපාලන පක්ෂය ලබන 27 වැනිදා දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර ඇත. විරෝධතාව පැවැත්වීමට නියමිතව ඇත්තේ ඉස්ලාමාබාද් අගනුවරදීය.
අල්ලස් සහ දූෂණ චෝදනා සම්බන්ධයෙන් 2023 වසරේ සිට සිරගත කර සිටින 73 හැවිරිදි ඉම්රාන්, නඩු 100කට වැඩි සංඛ්‍යාවකට මුහුණ දෙයි. එල්ල වන සියලු චෝදනා ඉම්රාන් ප්‍රතික්ෂේප කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd