පිලිපීනයේ දෙස් විදෙස් සංචාරකයන් නිතර ගැවසෙන, පලවාන් පළාතේ මුහුදු තීරයේ දී මගී පාරුවක ගින්නක් හටගත්තේය. ගින්න ට බිලි වී මියගිය ගණන 5 කි. ගින්නෙන් බේරීමට මුහුදට පැන්න 87 දෙනකු ගැන කිසිදු හෝඩුවාවක් නොමැති බව පැවැසෙයි.

ගින්න හටගත්තේ ‘ජූන්ඇස්ටර්’ නමැති මගී පාරුවේය. ඒ වනවිට එය කිලෝ මීටර් 2.2 ක් මුහදේ ඈතට ගොස් තිබුණි. පාරුවේ ගින්න හටගත් බව සැලවුණු සැණින්, වෙරළාරක්ෂක නිලධාරීන් ඊට ළං වුණු බව පැවැසෙයි.