තව තවත් අලුත් විදියේ කෘත්‍රිම බුද්ධි (AI)මෙවලම් සංවර්ධනය කිරීම අඩු කර, දැනට භාවිතයට ගන්නා AI මෙවලම් නියාමනය කළ යුතු යැයි ප්‍රධාන පෙළේ AI සමාගමක් වන ඇන්ත්‍රොපික් සමාගමේ විධායක නිලධාරී ඩාරියෝ අමෝදෙයි කියයි.

 දැනට භාවිතයට ගන්නා AI මෙවලම් නියාමනය කළ යුතු ආකාරය කෙසේ වියයුතුදැයි යන්න සම්බන්ධයෙන්,  කරුණු තුනකින් සමන්විත සැලැස්මක්ද ඩාරියෝ අමෝදෙයි ඉදිරිපත් කර ඇත.

AI මෙවලම් සංවර්ධනය කරන අවස්ථාවේදීම ස්වාධීන අධීක්ෂණයක් සිදු කිරීම, සමස්ත AI කර්මාන්තයටම අදාළ නියාමන ක්‍රමවේදයක් හඳුන්වාදීම සහ ගෝලීය මට්ටමේ නියාමනයක් ක්‍රියාත්මක කිරීම එම යෝජනා තුන අතරට ඇතුළත් බව පැවැසෙයි.