18 වැනි බ්‍රික්ස් සමුළුවට සහභාගී වීම සදහා වසර 7 කට පසු ඉන්දියාවේ නවදිල්ලියට පැමිණි චීන ජනාධිපති ෂී ජින් පිං සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් සමුළුවට සමගාමීව නවදිල්ලි නුවරදී පැවැත්විණි.

නායකයන් දෙපළ එහිදී විවෘත සහ අවංක ලෙස අදහස් හුවමාරු කරගෙන ඇති අතර, චීනය සහ ඉන්දියාව හවුල්කරුවන් ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් වැදගත් එකඟතාවකටද පැමිණි බව පැවැසෙයි.

 චීන-ඉන්දියානු සබඳතා සැමවිටම උපායමාර්ගික සහ දිගුකාලීන දෘෂ්ටිකෝණයකින් සලකා කටයුතු කර ඇති බව චීන ජනාධිපති ෂී ජින් පිං එහිදී සඳහන් කර ඇත.

දෙරට අතර සබඳතාවල ස්ථාවර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා යෝජනා හතරක්ද චීන ජනාධිපතිවරයා ඉදිරිපත් කර ඇති බව ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඉන්දියාව ද චීනය සමඟ සබඳතා උපායමාර්ගික සහ දිගුකාලීන දෘෂ්ටිකෝණයකින් සලකා කටයුතු කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අවධාරණය කර ඇත.